චීන යාචකයින් බැංකොක් කලඹයි

බැංකොක් නුවර වීථිවල සිඟමනේ යෙදුනු සැකසහිත චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තායිලන්ත පොලීසිය කටයුතු කර තිබේ.

තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී පිරිමි පුද්ගලයින් සහ කාන්තාවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඔවුන්ගේ මුහුණේ සහ දෑත්වල ඇඟිලි විකෘති තත්ත්වයකින් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, බැංකොක්හි මාර්ගවල සිඟමන් යදිමින් සිටි දරුණු විකෘතිතා ඇති එම චීන ජාතිකයන් යම්කිසි බලපෑමකට ගොදුරුවී ඇත්දැයි විමර්ශන සිදුකෙරුණු බවය.

නමුත් තමන් ස්වේච්ඡාවෙන් තායිලන්තයට ඇතුළුවූ බව එම යාචකයින්ට විසින් පිළිගෙන ඇති බව හෙළිවී ඇත.