දැනට ප්‍රතිඵල අනුව මෝදිට ජය

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත 4ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.

ඒ අනුව ප්‍රාන්ත 3ක බලය තවදුරටත් තහවුරු කරගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇත.

මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චතිස්ග්‍රා යන ප්‍රාන්තවල ජය මෙලෙස භාරතීය ජනතා පක්ෂය හිමිකරගෙන තිබේ.

මීට පෙර රාජස්ථාන් හි බලය හිමිව තිබූ කොංග්‍රස් පක්ෂයට එහි බලය තහවුරු කරගැනීමට අසමත් වීම සුවිශේෂී කරුණකි.

එම මැතිවරණයෙන් තෙලන්ගානා හි ජය හිමිකරගැනීමට රාහුල් ගාන්ධි නායකත්වය දරන කොංග්‍රස් පක්ෂය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැතිවරණය පැවති ප්‍රාන්ත අතරින් මිසෝරම් හි ඡන්ද ප්‍රතිඵලය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇත.