දෙහිවල ‘හේලී’ මියයයි

1993 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලැබූ ‘හේලී’ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින ජිරාෆ් සත්ත්ව විශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකි.

දෙහිවල සත්වෝද්‍යානයට සිටියේ ජිරාෆ් ගැහැණු සතුන් දෙදෙනෙකු වන අතර හේලී ඉන් එක් සත්ත්වයෙකි.

වයස්ගත තත්ත්වයේ පසුවූ හේලී පසුගිය දිනවලදී සිටියේ රෝගාතුරවය.

හේලී නම් මෙම ජිරාෆ් සත්ත්වයාගේ ඉදිරි පාදයක ඇතිවූ කුර රෝගී තත්ත්වයක් නිසා ඇය පීඩා විඳිමින් සිට තිබූ අතර පෙරේදා දිනයේ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන් සත්ත්වයාට ප්‍රතිකාර සිදුකර තිබිණි.

නමුත් ඉන් අනතුරුව අවාසනාවන්ත ලෙස හේලී,ඊයේ (07) දිනයේ මියගොස් ඇතිබවට තොරතරු වාර්තා විය.

මේ අතර හේලිගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය සඳහන් කළාය.