චමරිට ජාත්‍යන්තරයෙන් ලැබුණු අලුත්ම තැන

ක්‍රික් ඉන්ෆෝ (cricinfo) වෙබ් අඩවිය විසින් නම් කළ 2023 වසරේ කාන්තා එක්දින සහ 20-20 කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

එම ලැයිස්තු දෙකටම කිසිදු ඉන්දීය ක්‍රිඩිකාවක් ඇතුළත් නොවීම විශේෂත්වයකි.

චමරි අතපත්තු 2023 වර්ෂයේදී කැපී පෙනන දක්ෂතා දක්වමින් ජාත්‍යතර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් දිනාගත් අතර මෙවර බිග්බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇය නම් කෙරුණි.