ෂෙල් වෙඩි ප්‍රහාරයක්:නව දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සරණාගත මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

එහි දී තවත් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂෙල් වෙඩි ප්‍රහාර දෙකක් අදළ මධ්‍යස්ථානය වෙත එල්ල වී ඇත.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය තම හමුදා විසින් සිදු කර නොමැති බව ඊශ්‍රායලය පවසයි.