අමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

 

දකුණු කොරියානු බටහිර මුහුද ට F – 16 මාදිලියට අයත් අමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යානයේ නියමුවා ව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වී තිබුණි.

අමෙරිකාවට අයත් F – 16 ප්‍රහාරක යානයක් දකුණු කොරියාවේදී මෑත කාලයේදී අනතුරට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වෙයි.

යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි නියමුවා ඉන් ඉවතට පැන ඇති අතර පැයකට පමණ පසුව ඔහුව බේරා ගැනීමට දකුණු කොරියානු “බේරාගැනීමේ කණ්ඩායම” සමත්විය.