Mayank Agarwal දැඩි සත්කාර ඒකකයට

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Mayank Agarwal එරට රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ගුවන් ගමනකදී ඇතිවූ තත්ත්වයක් මත ඔහුව මෙලෙස Agartala හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවය.

රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු මේ වනවිට මුඛයේ සහ උගුරේ ඇතිවූ අපහසුතාවයකින් පෙළෙන බවය.