ජපන් සුන්දරිය කිරුළ අතහරි

පසුගියදා පැවති ජපානයේ රූ රැජිණ තරගය ජයග්‍රහණය කර තිබුනේ කැරොලිනා ෂිනෝ  නම් යුක්රේනයේ උපන් කාන්තාවකි.පළමු යුරෝපීය සම්භවයක් ඇති ජපන් රූ රැජිණ වූ ඇයට තරගයට ඉදිරිපත්වීම බාධාවක් නොවූ නමුත් ඇයගේ හැසිරීම් සම්බන්ධ රූ රැජණ විනය නීති වල පලුද්දක් තිබුණි.
ඇයගේ ජයග්‍රහණය සමග එල්ලවූ ප්‍රධානම විවේචනය වූයේ ඇය විවාහක පිරිමියෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බවයි.
ඒ ගැන පරීක්ෂණයක් ඇරඹූන අතර ඇගේ ජයග්‍රහණයේදී විචාරකයින් ප්‍රශ්න කළේ කොකේසියානු කාන්තාවක් “ජපන් සුන්දරත්වය” නියෝජනය කරන්නේ කෙසේද යන්නයි.

26 හැවිරිදි වියේ පසුවූ ඇය යුක්රේනයේ උපත ලැබුවේ යුක්රේනියානු දෙමාපියන්ට දාව වන අතර ඇයට වයස අවුරුදු පහේදී ජපානයට සංක්‍රමණය වී ඇත.
2022 වසරේදී  ජපන් පුරවැසියෙකු බවට පත් වූ ඇය විවාහක වෛද්‍යවරයකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සතිපතා සඟරාවක් වන Shukan Bunshun හෙළිදරව් කිරීමෙන් පසු  ප්‍රශ්නයට නැගිණි.
ලිපිය ප්‍රකාශයට පත්වීමත් සමග බියට පත්වූ ඇය තම Instagram ගිණුම තුළ ඇයව පාවා දීම කළ අය ගැන කනගාටු වෙමි යනුවෙන් ලියා ඇත.
පසුව ඇය කිරුළ අත්හැරීමට තීරණය කළාය.