කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් ජීවිතක්ෂයට

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් (24)  රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ඉරිදා බටහිර කෙන්යාවේ මාර්ගයක මෝටර් රථයක් තුළදී ඔහුගේ පුහුණුකරු වන රුවන්ඩාවේ ගර්වයිස් හකිසිමානා සමඟ අනතුරකින් මරු දුටුවේය. අනතුර නිසා රථයේ ගමන් කරමින් සිටි කාන්තාවකද තුවාල ලබා ඇත.

මාර්ග අනතුර ඉරිදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 11 ට පමණ සිදු වූ බව පොලිසිය උපුටා දක්වමින් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.පොලිසිය පැවසුවේ මැරතන් ශූර කිප්ටම් රියදුරු ලෙස කටයුතු කළ බවත්, වාහනය “පාලනය නැති වී පෙරලීමෙන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය” බවත්ය.
තුන්වන මගියා ලෙස කාන්තාවක එහි ගමන් කළ බවත් ඇය – තුවාල ලබා “ඉක්මන් රෝහල් ගත කර ඇති” බව වාර්තා සදහන් කරයි.