පිලිපීනයේ රන් ආකර නායයාමෙන් මියගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළට

සතියකට පමණ පෙර පිලිපීනයේ  Davao de Oro ප්‍රදේශයේ රන් ආකර ගම්මානයක් තුළ සිදු වූ නාය යාමෙන්  මේ වනවිට පුද්ගලයින් 68 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්ථා වෙයි.
Davao de Oro පළාතේ පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම ව්‍යසනයෙන් පසු තවමත් 51 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නිලධාරීහු පවසති. ගලවා ගැනීමේ නිලධාරීන් පවසන්නේ තවමත් දිවි ගලවා ගත් පිරිසක් සිටීද යන්න පිළිබදව විශ්වාසයක් නොමැති බවයි.  

ගලවා ගැනීමේ මෙහෙයුමෙන් අවසන් වරට මුදවා ගනු ලැබුවේ අවුරුදු තුනක දැරියක් වන අතර , ඇය පැය පැය 60 කට වැඩි කාලයක් මඩේ සිර වී සිට ඇත.

මෙම දැරියගේ ගලවා ගැනීම “අනෙකුත් සිර වී සිටින පුද්ගලයන් බේරා ගැනීමට හැකි වීම සම්බන්ධ  බලාපොරොත්තුවක්” ලබා දුන් බවයි. නමුත් සඳුදා වන විට එම බලාපොරොත්තු බොඳ වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි.