තෙවන පන්දුවාර 20යි 20 තරගය අද

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත් වේ. කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන නායක ඊබ්‍රහිම් සද්‍රාන් සමත් විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේ ය.

දඹුල්ල ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට තරගය ආරම්භවීමට නියමිතය.

පළමු තරග දෙකෙන්ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලිය 2-0 ලෙස ජයගෙන තිබේ.

ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා සංචාරය තුළ මේ දක්වා පැවති ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 තරග සියල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම විශේෂත්වයකි.