ඩිල්ෂාන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිව තිබේ.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන Jason Wood සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

එම සටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී Jason Wood පෙන්වාදෙන්නේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවය මේ හේතුවෙන් තවත් සුවිශේෂී වූ බවය.

එසේම ඉදිරියේදී ඩිල්ශාන් විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඒ මහතා තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර එහිදී මන්ත්‍රීවරයා විසින් ඩිල්ෂාන්ගේ දියණිය වන රෙසඳි ගැන ද සඳහන් කර ඇති අතර ඇයගේ ක්‍රිකට් අනාගතයටද සුබපැතුම් එක්කර තිබේ.