ඉන්දීය මහමැතිවරණය එළැඹෙන අප්‍රේල් 19 දා

අදියර 07ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණය එළැඹෙන අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර එය ජුනි මස 01 වනදා දක්වා පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එවන් පසුබිමක් තුළ අමෙරිකාවේ හිටපු ඉන්දීය තානාපති තරංජිත් සිං භාරතීය ජනතා පක්ෂයට එක්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් හිටපු තානාපතිවරයාව විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසින් පක්ෂයට පිළිගෙන ඇති බවය.

භාරතීය ජනතා පක්ශයේ සාමාජිකත්වය ලබ ගනිමින් හිටපු තානාපතිවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංවර්ධනය ඉලක්ක කරගත් නායකයෙකු බවය.