සියලු චර්ම රෝග ස්ථීරවම සුවකර ගන්න ශ්‍රී සුගත ආයුර්වේද රෝහලට එන්න

පොතු කබර සහ සුදු කබර රෝගය ගැන අප සමාජයේ බොහෝදෙනා දරන්නේ සුබදායක ආකල්පයක් නොවේ. මෙම රෝග වැළදුනු
රෝගීන්ට එම රෝගයේ ස්වභාවය නිසා සමාජයෙන් කොන් වීමට පවා සිදුවී ඇත. මෙ වැනි රෝග නිසා තමන්ගේ
රැකියාව, විවාහය මෙන්ම අධ්‍යාපනයද අසාර්ථක කරගත් අය ද අප රටේ නැතිවාම නොවේ. මෙවැනි හේතු කාරණා නිසා මෙම රෝගීන් ද සමාජයෙන් ඈත්වී සිටිමට බොහෝ විට පුරුදු වී සිටි.
සුදුකබර සහ පොතුකබර අද වනවිට රටේ බහුතර ජනතාවක් පීඩාවට පත්ව ඇති රෝගයක්. මෙම රෝගය සුව කරගන්න බොහෝ ප්‍රතිකාර කළත් නිසි සුවයක් නොමැතිව රෝගීන් දැඩි සිත් තැවුලෙන් පසුවන අතර මේ සඳහා ප්‍රතිකාර කරන දේශිය සහ ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳ නිතරම අපගෙන්ද විමසා සිටින නිසා එවැනි සුදුසු වෛද්‍යවරයකු පිළිබඳ සොයා බැලීමේදී සුදුකබර සහ පොතුකබර වැළඳුණු රෝගීන් රැසක් සුවපත් කර තවත් එවැනිම රෝගීන් රැසකට දැනටත් ප්‍රතිකාර කරන අපූරු පාරම්පරික හෙළ වෛද්‍යවරයෙක් පිළිබඳ ලද ආරංචියක් නිසා ‘සුබනෙත වෙදකම’ අපි එතුමා සොයා ගියේ දහස් ගණනක් රෝගීන්ගේ හිත සුව පිණිස එතුමාගේ ඒ විශ්වකර්ම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ රටට තොරතුරු හෙළි කිරීමේ උදාර පරමාර්ථයෙනි.
තුල්හිරිය උසාවිය ඉදිරිපිට ශ්‍රී සුගත ආයුර්වේද රෝහලේ සිට වෙදකම් කරන දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක් මෙන්ම මාතර, යටගම වෙද පරම්පරාවේ උරුමය ගෙන මෙලොව උපද ලබමින්, වෛද්‍ය විෂයන් හැදෑරීමට අමතරම ගවේෂණ, පරීක්ෂණ, නිරීක්ෂණ මගින් ලබාගන්න නිවැරදි නිගමනයන් තුළින් සර්වාංග රෝග පිළිබඳව සහ විශේෂයෙන් චර්මරෝග පිළිබඳව හසල දැනීමත් සහිත වෛද්‍යවරයෙක් වන ඔහු රාගම යුද හමුදා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටින පාරම්පරික හෙළ වෛද්‍යාචාර්ය ලක්මාල් සුගතදාස මහතා යි.
‘සුබනෙත වෙදකම’ එහි යන විටත් බොහෝ පිරිසක් එතුමාගේ ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ගැනිමට පැමිණ සිටියේ තම වාරය පැමිණෙන තුරුය. වෙද මහතා හමුවීමට වේලාව පැමිණෙන තුරු ලද ඉඩෙන් ප්‍රයෝජන ගත් අපි ශ්‍රී සුගත ආයුර්වේද රෝහලේ ගෙදරට ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් කිහිප දෙනෙක් සමග කථාබස් කළේ වෙද මහතාගේ ප්‍රතිකාර පිළිබඳ තවදුරටත් දැන ගැනීමේ අටියෙනි.
තවදුරටත් ඔවුන් සමග කථා කරන්නට ආසා හිතුනත් අකමැත්තෙන් වුවත් අපට ඔවුන්ගෙන් සමුගන්නට සිදුවූවේ වෙදමහතා හමුවීමට අපට ලද ආරාධනය නිසාය. ‘සුබනෙත වෙදකම’ තුළින් මේ දිග හැරෙන්නේ ‘සුදුකබර’ රෝගය ගැන එතුමා සමග කළ පුංචි පිළිසඳරකි.

ප්‍රශ්නය – සුදුකබර රෝගය හැදුණු රෝගියකු සමාජය තුළ හැසිරෙන්නේ ටිකක් චකිතයකින් යුතුවයි. හේතුව අනෙක් අය තමා පිළිකුල් කරන බවට සැකයක් ඇතුවයි. ඒ නිසා මේ රෝගය හැදුණු කෙනකුගෙන් තවත් කෙනකුට බෝ විය හැකිද?
පිළිතුර – සුදුකබර රෝගය බෝවන චර්ම රෝගයක් නොවෙයි. එය ඇති වූ රෝගියකු සමාජයේ හැසිරීමේදී කිසිම චකිතයක් ඇති කරගත යුතු නැහැ. තමාගේ ශරීරයේ ඇති වූ විෂ සහගත තත්ත්වයක් නිසා තමයි බොහෝ විට මේ රෝගය ඇති වන්නේ.
ප්‍රශ්නය – සුදුකබර රෝගය පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක්ද? නැතහොත් ඊට ජාන සම්බන්ධතාවක් තිබේද?
පිළිතුර – ඔව්. සමහර අවස්ථාවල මෙවැනි රෝගීන් අපට හමුවෙනවා අම්මට, තාත්තට, නැන්දට, බාප්පට වැනි අයට සුදුකබර තිබුණහොත් ඒ අයගෙන් පවුලේ ලේ නෑකමක් සහිත කෙනකුට මෙම රෝගය ඇතිවිය හැක.
ප්‍රශ්නය – සුදුකබර රෝගය සුවකළ හැකිද?
පිළිතුර – සුදුකබර රෝගය ආයුර්වේද නිගමනවලට අනුව කුෂ්ඨ රෝග අවස්ථාවක්. කුෂ්ඨ රෝග යනු මහා රෝග වලින් එකක්. මහා රෝග සෑම විටම ආසාධ්‍ය නැහැ. එහෙත් කුෂ්ඨ සාධ්‍ය නැතහොත් දුඃසාධ්‍ය රෝගයක්. එහෙත් කල්ගත නොවූ සහ පරම්පරාවේ පැවතගෙන නොයෙන සුදුකබර රෝග අවස්ථා හා ශරීරය පුරාම නොපැතිරුණු අවස්ථා සුව කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ පළපුරුදු අත්දැකීම් බහුල වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර හා උපදෙස් අනුව කටයුතු කිරීමයි.
ප්‍රශ්නය – සුදුකබර රෝගයට හේතු ලෙස ඔබ එක් කරුණක් ඉදිරිපත් කළා ඒ ජානමය සම්බන්ධතාව ඒ හැරුණු කොට අනෙකුත් හේතු මොනවාද?
පිළිතුර – අත්දැකීම අනුව ඉතා බහුලව දැකිය හැකි වන්නේ යම්කිසි ආකාරයකින් සිරුරට ඇතුළු වන විෂ සහගත තත්ත්වයයි. සමාජයේ බොහෝ දෙනා සිතා සිටින්නේ මීයකු දෂ්ඨ කළොත් නැතහොත් කෑවොත් මෙම රෝගය ඇතිවන බවටයි. බොහෝ විට රෝගීන් පැහැදිලි කරන්නේ මියකු දෂ්ඨ නොකළ නමුත් මෙම රෝගය ඇති වූ බවයි. ඒ නිසා සමාජයට මා මේ පණිවුඩය දිය යුතුමයි. මීයකු පමණක් නොව ඕනෑම සතකු දෂ්ඨ කිරීම නිසා විශේෂයෙන් සර්ප දෂ්ඨ සිදු වී ඊට කිසිදු ප්‍රතිකාරයක් ලබා නොගත් නිසා යන තත්ත්ව මතු වී ශරීරය තුළ ඇතිවන ගර විෂ තත්ත්වය මේ රෝගයට බොහෝ දුරට හේතු විය හැකියි.
ප්‍රශ්නය – සුදුකබර රෝගය තමාට වැළඳී ඇතැයි සැකහැර දැනගත හැක්කේ කෙසේද?
පිළිතුර – මේ කාරණය ඉතා වැදගත්. රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිර්ණය ඉතා වැදගත්. සුදුකබර රෝගය හා සමානකම් දක්වන තවත් රෝග කිහිපයක් තිබේ එනම් විශේෂයෙන් අලුහම් රෝගය සහ පොතුකබර රෝගය වැනි තත්ත්වවලදී ශරිරයේ සුදු පැහැ ලප ඇති වෙනවා. ඒ නිසා දක්‍ෂ පළපුරුදු අත්දැකීම් බහුල සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ සහාය ඔබට මෙහිදී ඉතා අවශ්‍ය වෙනවා.
ප්‍රශ්නය – මෙම රෝගය සුවවීමට කොතරම් කාලයක් ගතවෙනවාද?
පිළිතුර – මීට පෙරත් මා සඳහන් කළ පරිදි මෙම රෝගය සුව කිරීම ඉතා පහසුවෙන් කළ නොහැකි කාර්යයක්. ඒ නිසා තමාට මේ රෝගය ඇති වූ බවට සැකයක් වේ නම් හැකි ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම සුවවීමට අදාළ ප්‍රධාන සාධකයක්. අලුතින් ඇති වූ නොපැතිරුණු සුදුකබර රෝග තත්ත්වය ඉක්මනින් සුව කළ හැකිය.
ප්‍රශ්නය – තොල්වල, ඇස් යට ආදියේ ඇතිවන සුදුකබර සුවවීමට ප්‍රමාද වේද?
පිළිතුර – තොල්වල හා ඇස් යට ඇති වූ සුදුකබර තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මෙම ප්‍රතිකාරයේදී යොදාගන්නා සමහර ඖෂධ ශරීර ආස්තරයට සහ ඇස්වලට අහිතකර විය හැකිය. මේ නිසා ඉතා ප්‍රවේශමෙන් යුතුව ඒවා භාවිත කළ යුතුය. මේ නිසා එම ස්ථානවලට ඇතිවන රෝග තත්ත්වය සුවවීම, අත් පාවල ඇතිවන තත්ත්වයට වඩා ප්‍රමාද විය හැකිය. ඒ හැරුණු කොට විශේෂයෙන් ලිංගේන්ද්‍රීය ආශ්‍රිතව ඇතිවන තත්ත්වය ද සුවවීමට බොහෝ ප්‍රමාද විය හැකිය.
ප්‍රශ්නය – රසායනික ද්‍රව්‍ය සමග නිතර ගැටෙන අයකුට මෙම රෝගය වැලඳීමේ යම් ප්‍රවණතාවක් තිබෙනවාද?
පිළිතුර – රසායනික ද්‍රව්‍ය විශේෂයෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය සහ විවිධ කර්මාන්ත සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය උදාහරණයක් ලෙස රබර් කර්මාන්තයේදී යොදාගන්නා ඇසිඩ් වර්ග මෙම රෝග තත්ත්වයට හේතු කාරක විය හැකිය. මගේ අත්දැකීමේ හැටියට විවිධ කර්මාන්තවල යෙදෙන හා ගොවිතැන් කටයුතුවල යෙදෙන අය අතර මෙම රෝගය බහුලව දැකිය හැකි වෙනවා.
ප්‍රශ්නය – සමහර ඖෂධ වර්ගවල බලපෑමක් මෙම රෝගය ඇතිවීමට හේතු කාරක වෙනවාද?
පිළිතුර – විශේෂයෙන්ම ඖෂධ වර්ග දිගුකාලීන භාවිතය නිසා ශරීරයට යම් විෂ තත්ත්වයක් ඇති කළ හැකිය. මෙම විෂ තත්ත්වය හේතුවෙන් සුදුකබර රෝගය ඇති වූ අවස්ථා මට හමුවෙලා තියෙනවා.

 

වෛද්‍යාචාර්ය ලක්මාල් සුගතදාස
ශ්‍රී සුගත ආයුර්වේද රෝහල – තුල්හිරිය උසාවිය ඉදිරිපිට
විමසීම් :- 071 425 7711/ 070 335 5533