ස්ලෝවැකියාවේ අගමැති රොබට් ෆිකෝ වෙඩි වැදී බරපතලයි

යුරෝපීය රටක් වන ස්ලෝවැකියාවේ  අගමැති රොබට් ෆිකෝ ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය. එරට වේලාවෙන් දහවල් කාලයේ ආධාරකරුවන් පිරිසක් විසින් වට කර සිටි අවස්ථාවක ෆිකෝ මහතාට ඉතා ආසන්න දුරකින් වෙඩි තැබු බව වාර්තාවී තිබේ.
ප්‍රහාරය නිසා අගමැතිගේ බඩට සහ අතට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල් ගත කර ඇති මුත් ජීවිත අවදානමක් නැති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.ඔහු දැනට ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ස්ථාවර නමුත් බරපතල තත්ත්වයේ පසුවේ.
වෙඩික්කරු පස් වතාවක් වෙඩි තැබූ බවත් පසුව ආරක්ෂක අංශ භාරයට පත්වූ බවත් පැවසේ..
අගමැති රොබට් ෆිකෝ ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ සැකකරු ඝාතන ප්‍රයත්නයේදී තනිව ක්‍රියා කළ බව නිරීක්ෂණය විය.
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය අද දින පවත්වා ඇත්තේ එරට රූපවාහිනී නාලිකාවක් වන RTVS තහනම් කිරීමට රජය සැරසීම නිසාය.