LPL වෙන්දේසියේ ක්‍රීඩකයන්ට හිමිවූ මුදල මෙන්න

 

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සේවය ලබාගැනීම සඳහා ඇමරිකානු ඩොලරි 120,000 ක මුදලක් වැය කිරීමට කලම්බු ස්ට්‍රයිකරිස් කණ්ඩායම ඉදිරිපත් විය. එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයකු මිලදීගැනීම  කණ්ඩායමක් වැය කළ ඉහළම මුදල ලෙස එය වාර්තා අතරට එක් වූ අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් පමණ විය. මතීෂගේ සේවය මිලදී ගැනීම සඳහා ගෝල් මාවලස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර කරට කර තරගයක් පැවැති අතර අවසානයේ ඉන් ගෝල් මාවලස් කණ්ඩායම ජයගත්තේය. කෙසේ වුවත් ඉන් අනතුරුව විරයිට් ටු මැච්’ අවස්ථාව ලබාගනිමින් කලම්බු කණ්ඩායම අදාල මුදල ගෙවා මතීෂගේ සේවය සිය කණ්ඩායම වෙත මිලදී ගත්තේය.

‘රයිට් ටු මැච්’ අවස්ථාව යනු ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු මෙවර වෙන්දේසියේදී කුමන මිලකට, කුමන කණ්ඩායමකට අලෙවි වුවත් එම මුදල ගෙවා අදාල ක්‍රීඩකයා යළිත් තම කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ලබාදී ඇති අවස්ථාවයි. සෑම කණ්ඩායමකටම වෙන්දේසියේදී මෙම අවස්ථාව එක්වරකදී පමණක් භාවිත කළ හැකිය. මතීෂගෙන් පසුව ක්‍රීඩක වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්මවූ එකම ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානය. ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් ගෙවමින් ඔහු තම කණ්ඩායමට ඇතුළත් කරගැනීමට ගෝල් මාවලස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ. එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 3 ක පමණ අගයක් ගත්තේය.

වෙන්දේසියේදී තෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානයකය. ඔහුගේ සේවය ඇමරිකානු ඩොලර් 85,000 ක මුදලකට ලබාගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම ඉදිරිපත් වූ අතර එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස්පන් ලක්ෂයක් පමණ විය. බිනුර ප්‍රනාන්දුගේ සේවය

ඩොලර් දසදහසකට වැඩි මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් සහ
ඔවුන් මිලදී ගත් කණ්ඩායම් මෙසේය.

ලක්ෂාන් සඳකැන් ඩොලර් 20000 බී ලව් කැන්ඩි,
වනුජ සහන් ඩොලර් 10,000 ජැෆ්නා කිංග්ස්
අසේල ගුණරත්න ඩොලර් 11000 දඹුල්ල තන්ඩර්ස්
ළහිරු මධුසංක ඩොලර් 20000 දඹුල්ල තන්ඩර්ස්
ආසම් ඛාන් ඩොලර් 50,000 බී. ලව් කැන්ඩි
අගා සල්මාන් ඩොලර් 10,000 බී ලව් කැන්ඩි
මුජීබ් උර් රහ්මාන් ඩොලර් 50,000 ගෝල් මාවල්ස්
ජෙෆ්රි වැන්ඩර්සේ ඩොලර් 30,000 ගෝල් මාවල්ස්
පැතුම් නිස්සංක ඩොලර් 40000 ජැෆ්නා කිංග්ස්
කසුන් රාජිත ඩොලර් 26000 බී-ලව් කැන්ඩි
නිෂාන් මධුෂ්ක ඩොලර් 10000 ජැෆ්නා කිංග්ස්
හේදර් අලි ඩොලර් 25000 දඹුල්ල තන්ඩර්ස්
අශේන් බණ්ඩාර කැන්ඩී බී ලව් ඩොලර් 28,000
දිනේෂ් චන්දිමාල් කැන්ඩි බී ලව් ඩොලර් 40,000
දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝ ජැෆ්නා කිංග්ස් ඩොලර් 60,000
ජනිත් ලියනගේ ඩොලර් 36,000 ගෝල් මාවලස්
ඩුවෙන් පිස්ටෝරියස් ඩොලර් 30,000 ගෝල් මාවලස්
ෆේබියන් ඇලන් ඩොලර් 32,000 ජැෆ්නා කිංග්ස්
ධනංජය ද සිල්වා ඩොලර් 50,000 ජැෆ්නා කිංග්ස්
චාමික ගුණසේකර ඩොලර් 10,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
දුනිත් වෙල්ලාලගේ ඩොලර් 50,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
රමනුල්ලාහ් ගුර්බාස් ඩොලර් 50,000 කළම්බු ස්ටයිකර්ස්
ලහිරු උදාර ඩොලර් 14,000 දඹුල්ල තන්ඩර්ස්
ටස්කින් අහමඩ් ඩොලර් 50,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
ළහිරු කුමාර ඩොලර් 30,000 ගෝල් මාවලස්
ප්‍රමෝද් මධුෂාන් ඩොලර් 20,000 ජැෆ්නා කිංග්ස්
ප්‍රභාත් ජයසූරිය ඩොලර් 10,000 ගෝල් මාවලස්
අකිල ධනංජය ඩොලර් 20,000 දඹුල්ල තන්ඩර්ස්
ශෝන් විලියම්ස් ඩොලර් 20,000 ගෝල් මාවලස්
දසුන් ශානක ඩොලර් 85,000 බී ලව් කැන්ඩි
ඇන්ජලෝ පෙරේරා ඩොලර් 20,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
ශෙවෝන් ඩැනියල් ඩොලර් 15,000කට කළම්බු ස්ට්‍රයිකර්ස්
ධනුෂ්ක ගුණතිලක ඩොලර් 22,000 දඹුල්ල තන්ඩර්ස්
ඉෆ්තිකාර් අහමඩ් ඩොලර් 50,000 දඹුල්ල තන්ඩර්ස්
නුවනිඳු ප්‍රනාන්දු ඩොලර් 34,000 දඹුල්ල තන්ඩර්ස්
දිමුත් කරුණාරත්න ඩොලර් 10,000 බී ලව් කැන්ඩි
ජේසන් බෙරෙන්ඩ්‍රෝෆ් ඩොලර් 50,000 ජැෆ්නා කිංග්ස්
බිනුර ප්‍රනාන්දු ඩොලර් 55,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
නුවන් ප්‍රදීප් ඩොලර් 36,000 දඹුල්ල තන්ඩර්ස්
ගරුක සංකේත් ඩොලර් 20,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
මතීෂ පතිරණ ඩොලර් 120,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
අසිත ප්‍රනාන්දු ඩොලර් 40,000 ජැෆ්නා කිංග්ස්
සහූර් ඛාන් ඩොලර් 10,000 ගෝල් මාවලස්
මල්ෂ තරුපති ඩොලර් 25,000 ගෝල් මාවලස්
මොහොමඩ් ශිරාෂ් ඩොලර් 10000 කළම්බු ස්ට්‍රයිකර්ස්
මොහොමඩ් හසනායින් ඩොලර් 30,000 කැන්ඩි බී ලව්
ලහිරු සමරකෝන් ඩොලර් 13,000 ජැෆ්නා කිංග්ස්
මුජිබර් රහ්මාන් ඩොලර් 50000 ගෝල් මාවලස්
ඉසුරු උදාන ඩොලර් 100,000 ගෝල් මාවලස්
මුහමඩ් වසීම් ඩොලර් 20,000 කළම්බු ස්ට්‍රයිකර්ස්
ඇලෙක්ස් රොස් ඩොලර් 20,000 ජැෆ්නා කිංග්ස් කණ්ඩායම
හසර්තුල්ලාහ් සායි ඩොලර් 50000 දඹුල්ල තන්ඩර්ස්
ධනංජය ලක්ෂාන් ඩොලර් 10,000 ගෝල් මාවලස්
චතුරංග ද සිල්වා ඩොලර් 30,000 කැන්ඩි බී ලව්
කරිම් ජනට් ඩොලර් 80,000 දඹුල්ල තන්ඩර්ස්
අල්ලා මොහොමඩ් ඩොලර් 10000 කළම්බු ස්ට්‍රයිකර්ස්

 

ඇමරිකානු ඩොලර් 55,000 කට (රුපියල් එක් කෝටි හැටපන් ලක්ෂයකට) මිලදී ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඉදිරිපත් වෙද්දී, ධනංජය ද සිල්වා ජැනා කිංග්ස් කණ්ඩායමටත්, දුනිත් වෙල්ලාලගේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටත්, පැතුම් නිස්සංක ජැග්නා කිංග්ස් කණ්ඩායමටත් අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් 50,000 ක (රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට) මුදලකටය.

වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වූයේ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක කරිම් ජනට්ය. ඇමරිකානු ඩොලර් 80,000 මුදලක් ගෙවමින් ඔහුගේ සේවය මිලදී ගනු ලැබුවේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි. දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිලී රූසොව් ඇමරිකානු ඩොලර් 60,000 මුදලකට ජැග්නා කිංග්ස් කණ්ඩායමට අලෙවි විය.බංග්ලාදේශ ක්‍රීඩක ටස්කින් අහමඩ් (කලම්බු ස්ට්‍රයිකර්ස්), පාකිස්තාන ඉෆ්රිකාර් අහමඩ් (දඹුල්ල තන්ඩර්ස්), ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බෙරන්ඩොෆ් (ජැග්නා කිංග්ස්) සහ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක හස්රතුල්ලා සසායි (දඹුල්ල තන්ඩර්ස්), පාකිස්තාන ක්‍රීඩක අසාම් ඛාන් (බී-ලව් කැන්ඩි), ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක මුජිබුර් රහමන් (ගෝල් මාවලස්) වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 50,000 බැගින් වූ මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයෝ වූහ.