ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට මෙරට සංචාරයකට ආරාධනා

 

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය සහ ඉන්දිය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.කේ.ජයශංකර් මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වා තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙරට සංචාරයක නිරත වන ලෙසටද ඇරයුම් කර තිබේ.

අප්‍රේල් මස 19 වැනිදා සිට ජූනි මස පළමුවැනිදා දක්වා අදියර 7කින් ක්‍රියාත්මක වූ ඉන්දීය මහා මැතිවරණය ජයගත් නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන් වැනි වතාවටත් ඊයේ සිය ධුරයේ දිවුරුම් දුනි.