ආර්. සම්පන්දන් මහතා දිවියෙන් සමුගනී

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (01) උදෑසන රැගෙන ගියේය.

1933 පෙබරවාරි මස 05 වැනිදා උපත ලද රාජවරෝදියම් සම්පන්දන් මහතාව කවුරුත් හඳුනාගෙන සිටියේ ආර්. සම්පන්දන් ලෙසය.

යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු තවත් පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හදාරා තිබුණි.