නමෝබුද්ධාය

බිලිඳු සිද්ධාර්ථ ගෞතමයන් දෙස බලා වමට කැරකි ඇති ඌර්න රෝම ධාතුවෙන්, ‘මේ කුමාරයා අනිවාර්යෙන්ම මතු බුදු වන්නේය ’ යනුවෙන් කොණ්ඩඤ්ඤ බබුණා කියූ අනාවැකිය සත්‍ය වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. අනාගතය පිළිබදව වර්තමානයේ සිට දැන ගැනීමට මිනිසාට ඇති නොනිමි ආශාව බැදී පවතින්නේ ඔහුගේ මනස් සන්තානයේ ඇති අපේක්ෂා සමගය. ඔබ දැවෙන ගැටලුවල ඔබ අපේක්ෂා කරන ඉලක්කය සදහා ඇති විස`දුම් අනේක රාශියක් වුවත්, ඒවා අප සමීපයේ පිහිටා නැත. උත්සාහයට පැනිය හැකි උසට සිමා තිබේ. ඊට එහා පිම්මක් සදහා අප පිය නගන්නේ කෙසේද… ගුප්ත විද්‍යාව පිහිටට එන්නේ මෙවිටය. මිනිසාගේ ඉතිහාසය තරම්ම පැරණි ජ්‍යොතිෂය ඒ සදහා ඔබට ඇති සවිමත් අවියකි.

ආයුර්වේදය යනු මිනිසා එදා මෙදා බිහිකරගත් හොදම විද්‍යාවන්ගෙන එකකි. ඍෂින් වහන්සේලා විසින් ලොවට බෙදා දුන් දැනුම ආයුර්වේදයේ බිහිදොර විය. බටහිර බෙහෙතට යා නොහැකි දුර යන එය තවමත් ලෝක ජනතාව අතර සම්භාවනාවට පාත්‍ර වී ඇත්තේ, හරිත සංකල්පධාරී නුතන ලෝකය සමග එය මනාව බද්ධ වන නිසාය. ජනතාව අතරට පත්වන බෙහෙත වෙනමම සංකල්පයක් නොවී, වත්තේ පිටියේ, එදිනෙදා කෑම පිගානේ ඇති ආහාරයෙන් සරිකර ගැනීම ආයුර්වේදයේ භාවිත සංකල්පයයි. ඒ එදිනෙදා ඇතිවන ලෙඩට දුකටය. ඉන් එහාට සෑදෙන ලෙඩ දුක් සදහා ආයුර්වේදය දක්වන දායකත්වය ලෝ පුරා ප්‍රසිද්ධ වී තිබෙන්නේ, නිට්ටාව සහ අතුරු ආබාධ අවම යන සහතික දෙක සමගය.

හිතට නිවන සමග හිසට නිවන යන සිහිනය සැබෑ කර ගත හැකි මාර්ගය දුෂ්කරතා මැද්දෙන් ඇතිවන්නක් නොවේ. නමුත් ලෝකයා සිතන්නේ සිය ජීවිත කාලය තුළ තමන්ගේම කියා ගෙයක් සාදා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවය. සල්ලි නෙල්ලි වගේ ඇති සමහරුන් ජිවිත කාලය පුරාවට කුලී ගෙවල්වල කාලය ගත කරනා අයුරු ඔබ දැක ඇත. සාමාන්‍ය ජීවිත ගත කරන සමහරු අගේට තමන්ගේම කියා ගෙයක් දොරක් හදාගෙන ජීවත්වන ආකාරයත් ඔබ දැක ඇත. මේ වෙනස කර්මය පිළිබද ප්‍රශ්නයකට වඩා ඔබගේ ක්‍රමය පිළිබද ප්‍රශ්නයකි. වාස්තු විද්‍යාව ඔබට පාර කියා දෙන්නේ තමන්ගේ කියා නිවසක් ඉදිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගන්නටය. සමහර විට ඔබටම කියා ඉඩමක් තිබෙනවා ඇත. බාගෙට හදාගත් ගෙයක් තිබෙනවාද ඇත. එතැන් සිට පරිපුර්ණ නිවසක සිහිනය ඔබ සැබෑ කර ගන්නේ කෙසේද….

සුබනෙත ඉඩ කඩ සයිබර් අවකාශයේදී විවර වන්නේ මේ සංකල්ප ඔස්සේ ඔබේ ජීවිතය සදහා සෞභාග්‍යය උදා කරවන්නටය. ඔබේ ජීවන අපේක්ෂාව කුමක් වුවත් එහි පළමු තැන නිරෝගී ජිවිතය බව අපි දනිමු. එය සකල සත්ත්වයා උදෙසාම මහා පොදු සාධකයය. අනික් තැන හිමිවන්නේ, ඔබගේ ජීවන ඉලක්කයටය. ජ්‍යොතිෂය අවශ්‍යය වන්නේ ඒ සදහාය. වාස්තු විද්‍යාව පොතක් ලෙස කියවීමට නොව ඔබේ සිහිනය සදහා පහසු මාවත කර ගැනීමට අපි මේ අවකාශයෙන් පාර කියා දෙන්නෙමු. කාටත් තේරෙන භාෂාවෙන් මේ සියල්ල එක් තැන් කිරීම සුබනෙත අපගේ අපේක්ෂාවය.

සුබනෙත සැබෑ කර දෙන්නේ ඔබ දකින සුබ සිහිනයයි….