අපල දුරුකර ගැනීමට මඟ….

මෙළොව එළිය දුටු සියලුම මනුෂ්‍යයන් තමන්ගේ විපාක අනුව ජීවන ගමන පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔවුන් දිවා කාලය හා රාත්‍රි කාලය මෙන් හොඳ කාලය හා නරක කාලය ලෙස ජීවන ගමන භාර ගනු ලැබේ. එනම් අටලෝ දහමට මුහුණ දෙමින් ජීවිතය ඉදිරියට ගෙන යනු ලැබේ.

මෙය කේන්ද්‍ර සටහනක ධර්ම ත්‍රිකෝණයට අදාලව භාව ඔස්සේද මෙසේ දැක්විය හැකිය.

kendaraya

apala

මෙහිදි අප බඳුන් කරනුයේ වර්තමානයේ කරගන්නා කර්මයන් මගින් අනාගතයේ ඇතිවන්නා වූබාධාවන් හෙවත් අපලයන් දුරුකර ගන්නා ආකාරයයි.

මේ අනුව යම් ගැටලුකාරී තත්ත්වයකට පත් වූ විට වර්තමානයේ ගන්නා තීන්දු තීරණ අනාගතයේදී අපල ලෙස අපට විපාක ගෙන දේ. එම නිසා ප්‍රඥාව අවදි කර ගැනීම තුලින් ගනු ලබන තීන්දු තීරණ මගින් වර්තමාන කර්ම ශූභ වන අතර එම නිසා අනාගත කර්ම හෙවත් අපල නැතිකර ගැනීමට ඔබට හැකිවනු ඇත.

තමාගේ ප්‍රශ්නවලට හරි පිළිතුරු තමන්ම සොයා ගැනීම පරම සත්‍යය වන අතර, තම මනස සංකේතවත් කරන ගණ දෙවියන් නැමදීම යනු තම මොළයට, ප්‍රඥාවට කරනු ලබන නමස්කාරයකි. මෙමඟින් ඔබගේ ජීවිතය සාර්ථකකර ගැනීමට උත්සාහ කරන්න.

නෙලුම් මල් මත සුදු ශරීරය

උදෑසන අවදි වන විට මනස බොහොම නිරවුල්ය. නිදහස්ය. එහෙත් අදහස් දහස් ගණනක් සිත තුළ නැගී එයි. එම සිතුවිලි සියල්ල සාර්තක කර ගත නොහැකිය. යමක් ඵල ගන්නා අතර යමක් අප්‍රාණික වේ. මේ බව නිරුපණය කිරීම සඳහා පෙති සිය ගණනක් වූ නෙ`ථම් මලක් යොදා ඇත.

අපගේ මොළයේ ඇති පිරිසිදු බව අර්ථ දැක්වීම සඳහා සුදු පැහැති ගණ දෙවි රූපය වෙත ලබාදී ඇත.

පිරිසිදු මනසින් සිත තුළ උපදින සිතුවිලි, බලාපොරොත්තු විමර්ශනය කළ යුතුයි.

විශාල කන් සහිත ලොකු හිස

අලියෙකුට පමණක් විශේෂිත වූ වැඩියෙන් ඇහුම්කන් දිය හැකි හා අවශ්‍ය වූ විට සම්පූර්ණයෙන් වැසිය හැකි විශාල කන් දෙකකින් යුක්ත වන අතර, ඊට මැදිව විශාල හිසක් පිහිටා ඇත.

ඕනෑම අයකු කියන දේකට හොඳින් ඇහුම්කන්දී ඒවා බැහැරව යාමට නොදී හිස තුළ රඳවා බාහිර දේට ඇහුම්කන් නොදී මනසින් ඒ පිළිබඳ තීරණය කිරීමය.

දිග නාසය හා කුඩා ඇස් දෙක

ඉතා කාර්යක්‍ෂම අවශ්‍ය තැනට සුදුසු ආකාරයට යොදා ගත හැකි වන දිග නාසයක් හිමි වී ඇත. එමඟින් ඕනෑම අවකාශයක් තුළ රිංගවා ඉව ඇල්ලිය හැකි අතර සිතේ ඒකග්‍රතාව හා සන්සුන් බව රැක ගනිමින් යම් අරමුණක් වෙනුවෙන් අවධානය යොමු කරවීම කුඩා ඇස් දෙක මඟින් විද්‍යමාන වේ.
යම් දෙයක් කිරීමට පෙර සන්සුන් මනසින් සිත එකඟ කරවා මුහුණ දෙන්නට වන දේ පිළිබඳ හොඳ ඉව ඇල්ලීමක් කළ යුතුය.

කුඩා කට සහ එක දළය

කුඩා කට මඟින් ඉතා අල්ප වශයෙන් කතා කළ යුතු බවත් අලියෙකුට තම ආත්ම ආරක්‍ෂාවට සහ අභිමානයට ඇති එකම වස්තුම තම දළ දෙක බවත්, එම දළදෙකෙන් එකක් ඉක්මන් වී කැඩී ඇති බවත් හදිසි තීරණ ගෙන ඉක්මන් නොවී තම ආරක්‍ෂාව සහ අභිමානය ඇති අනෙත් එක් දළයද ආරක්‍ෂ කරගත යුතු බවත් මෙයින් විද්‍යමාන වේ.

කට ප්‍රවේශම් කරගෙන කතා කළයුතු බවත් තමාගේ ආරක්‍ෂාව උදෙසා ඉක්මන් නොවිය යුතු බවත් දැනගත් යුතුය.

ඉදිරිපස අත්දෙක

මෙහෙදී එක් අතක වර මුද්‍රාව හා අනෙක් අත අභය මුද්‍රාවා පෙන්නුම් කර ඇත. වර මුද්‍රාව තුළින් ආශිර්වාද කරන අතර අධ්‍යාත්මික මාවත සුරක්‍ෂිත කරදෙනු ලැබේ. අභය මුද්‍රවා තුළින් විපාක සංකේතවත් කරනු ලැබේ.
ප්‍රශ්නවලට ඇත්තේ පිළිතුරු දෙකක් පමණි. එය හරි පිළිතුර හෝ වැරැදි පිළිතුර වේ.

පිටුපස අත්දෙක මත නෙලුම් මල් සහ කෙටේරිය

මින් එක් අතක නෙ`ථම් මලක් සහිත වරපට ඇති අතර, එමඟින් උසස්ම ඉලක්කය කරා ඔබව ඇදගෙන යන අතර, අනෙක් අතේ ඇති කෙටේරිය මගින් ඇලීම් සම්බන්ධ සියලු බැඳීම් ඉවත් කිරීමද නිමක් නැතිව ගලාගෙන එන ප්‍රශ්න එකින් එක වරපටින් ගැටගසා එකින් එක කපා දැමීමක් කළයුතු බව පෙන්නුම් කෙරේ.

අහිතරක බැඳීම් සියල්ල කපා ඉවත්කර උසස්ම ඉල්කය කරා යෑම මෙයින් පෙන්නුම් කරයි

ප්‍රසාද සහ විශාල උදරය

මු`ථ ලෝකයම තම දෙපතුල ළඟ තබා ඇතිවාක් මෙන් ප්‍රසාද ලෙස අග්ගලා තබා ඇත. එය එකවර අනුභව කළ නොහැකි ආහාරයකි. විශාල උදරය මඟින් ජීවිතයේ සියලූම හොඳ නරක දෙකම දරා ගැනීම නිවේදනය වේ.

ජීවිතයේ හමුවන හොඳ නරක හොඳින් දරා ගැනීමෙන් එකින් එක ගැටලු විසඳා ගත යුතුයි.

වාහනය ලෙස මීයෙකු

තෘෂ්ණාව පාලනය නොමැතිකම මහත් විනාශයකට හේතුවේ. මීයකු සේ දුර්වල තැන් සොයා පලායෑමට ඇති හැකියාව සංකේතවත් කෙරේ.

ඔබ ආශාවන් පසුපස යාම පාලනයකින් යුතුව තබා ගත යුතු අතර සෑම විටම සුක්‍ෂමව බේරි යා යුතුය.

පුනූල

ඉහතින් දැක්වූ සියලුම කාරණා බුද්ධියෙන් විමසා බලා තමා විසින්ම තීන්දු තීරණ ගෙන නිවැරැදි පිළිතුරු සොයා ගත්තේ තම විසින්මය. තම ප්‍රඥාව විදහා දැක්වීමට මෙම සංකේතය භාවිතා කර ඇත.

තම ප්‍රඥාව අවදිකර ගැනීමෙන් නිවැරදි පිළිතුරු ලැබේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී
එම්. ඒ. සෙව්වන්දි පීරිස්

ප්‍රභාෂ්වර, ජ්‍යොතිෂපති ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා,
භාෂ්කර් ශිරෝමණි (I.F.A.S.Sc චන්දිගාර්, ඉන්දියා)
විඥඥාණාචාර්ය (I.F.A.S.Sc චන්දිගාර්, ඉන්දියා)