වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 11 වැන්නේද, රවි ග්‍රහයා 10 වැන්නේද ගෝචර වෙමින් මේ මස ඔබට සතුටුදායක කාලයක් පෙන්වයි. ඕනෑම මත දරන්නන් සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි ආකාරයක් පෙන්වයි. අනාගතයට සම්බන්ධ වැඩ අරඹයි. කොතරම් බාධක ආවත් ඒවා මැඩපවත්වා ගනී. අධ්‍යාපනයෙන්ද යම් ප්‍රගතීන් ලබාගනී. රැකියාමය කටයුතුවලදී තරමක ගැටලු මතු කරත් ඒවා විසඳා ගැනීමට පුළුවන් වේ. ආගමට දහමට විශේෂත්වයක් පෙන්වා එවැනි කාර්යයන් වල නියැලේ. ශීර්ෂ රෝග පීඩා වලින් පීඩා විඳීමට පුළුවන.