සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා 07 වැන්නේ හැසිරෙමින් මේ මස ඔබට තරමක සතුටුදායක කරවයි. ස්වාධීනව තම තීරණ ගනී. පරිබාහිර මතයන් ගණන් නොගෙන ක්‍රියාකරයි. ස්වාධීනව ගන්නා තීරණය ජයග්‍රහණයට යයි. නමුත් අන් මතයට ගරු නොකිරීම නිසා සතුරු බලවේග හදාගනී. සෑම කටයුත්තකදීම අනලස්ව වැඩ කරයි. ධෛර්යවන්ත ද වේ. සාමාන්‍ය අය සමඟ වැඩ කිරීමේදී ගැටලු ආවත් උසස් අය සමඟ එසේ ගැටලු මතු නොකරයි. ලේ ධාතුවේ ඌෂ්ණාධික රෝග, අජීර්ණ රෝග වලින් පීඩා විඳීමට පුළුවන.