හිසරදය

ඉසේරදේ හෙවත් හිස රුජාව

headache2මට මේක හරිම හිසරදයක්! මොනවා කරන්නද? මොන දෙයියට කියන්ඩද? වැනි මැසිවිලි අද සමාජයේ ඉතා බහුලය. මුළු සමාජයම මුළු සමාජයටම හිසරදයක් වන තත්ත්වයක් රට පුරාම නිර්මාණය වී ඇත. ඒ හිසරදයේ එක් අංශයක් පමණි.


හිසරදය යනු හිස කොටසේ ඇතිවන වේදනාවකි. ශරීරයේ ප්‍රධානම ඉන්ද්‍රියය මොළයයි. මොළය ඇත්තේ හිස්කබල තුළය. එය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. එයින් නිකුත් වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ගෛ්‍රවි කශේරුකා තුළින් කොදුඇට පෙළට හෙවත් ප්‍රධාන කශේරුකා පංතියට ඇතුල් වී කශේරුකා සන්ධිස්ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරිත්වය ඇතිකරයි.

දුර්වල වූ විට රෝග ඇති කරයි.  මොන අවයවයක ඉන්ද්‍රියක ආබාධයක් ඇති වුවත් එය මොළයට බලපයි. සුබ දෙයක් නම් හිස ප්‍රබෝධමත් වෙයි. අශුභ නම් හිස රෝගී වෙයි. ඒ රෝගවල උච්චම අවස්ථාව තමා හිසරදය. නිවනට යන්නේත් අපාගත වන්නේත් එකම හිස තුළ ඇති එකම මොළයේ පරස්පර අවස්ථා දෙකක් හේතුවෙනි.
හිසරදය ඇතිවීමට හේතු වන්නේ වැරදි ආහාර පාන වැරදි විහරණ අයහපත් සිතුවිලි සහ ආගම්තුක හේතූන් නිසාය.
වැරදි ආහාර – පිත්, සෙම් කුපිත කරන ආහාර වර්ග පිළුනු ආහාර වර්ග, දිරවීමට අපහසු ආහාර වර්ග හා ඒ ඒ අවස්ථාවට නොගැලපෙන ආහාර වර්ග යනාදියයි.
උදා:- ඌෂ්ණ කාලවල රට දෙල්, බල මාළු, හුරුල්ලෝ වැනි ආහාර වර්ගත්, වර්ෂා කාල වලදී පිපිඤ්ඤා, තැල්කොළ, ලබු වැනි ආහාර වර්ගත් නිතර නිතර කෑම අහිතකරයි.
වැරදි පාන වර්ග:- රා, අරක්කු වැනි මත් ද්‍රව්‍ය, ශීත කළ ජලය, ඌෂ්ණ අවස්ථාවලදී කෝපි වැනි බීම වර්ග බාගෙට උණු කළ ජලය, නොපෙරූ ජලය ආදිය.
වැරදි විහරණ:- තද අව්වේ වැඩ කිරීම, දූවිලි නගින තැන්වල සිටීම, තද අව්වේ සිට ශරීරය සිසිල් වීමට පෙර ඇල් දිය නෑම, වකුටු වී නිදා ගැනීම, නිතර පොළව නොපෑගී පාවහන් පැළඳ ඇවිදීම, රබර් මෙට්ටවල නිදාගැනීම, ආහාර ගත් හැටියේම බොහෝ වේලා වාඩි වී සිටීම, රාත්‍රි කාලයේ නිදි වැරීම, නොනා සිටීම උච්ඡ ස්වරයෙන් නිතර කතා කිරීම ආදිය.
අයහපත් සිතුවිලි:- කේන්තිය, වෛරය, ඊර්ෂ්‍යාව, තන්හාව, ක්‍රෝධය, අපහාස කිරීම වැනි දේ.
ආගන්තුක හේතු:- හිසට පහරක් වැදීම, කොදු ඇට පෙළ ආබාධ වීම, අකුණු හඬ තදින් ඇසීම, විදුලිසැර වැදීම, භයවීම, දරු ප්‍රසූතිය හා ශල්‍යකර්ම ආදිය.
මේ සෑම කරුණකින්ම සිදුවන්නේ කෙනකුගේ සිරුරේ වා, පිත්, සෙම් කෝපවීමය. එම කෝපවීම නිසා බොහෝ දුරට හිසරදය ඇති විය හැක. සත්වයාගේ පැවැත්මට අවශ්‍ය වන වා, පිත්, සෙම් යන ත්‍රිධාතු, ඉහත කී හේතූන් නිසා දූෂ්‍ය වී, ත්‍රිදෝෂ බවට පත්වීමෙන් රෝග ඇති කෙරේ. දූෂ්‍ය වූ ත්‍රි ධාතු තිමළ වශයෙන් පහවී යයි. නොඑසේ නම් ප්‍රතිකර්ම මාර්ගයෙන් පහ කළ යුතුය. එසේ දෝෂ පහ වූ නිසාම රෝගී වූ ඉන්ද්‍රියයන් යථා තත්ත්වයට පත් නොවේ. විවිධ ප්‍රතිකර්ම මගින් එය කළ යුතුය.
ඉහත කී වැරදි නිසා ඇතිවන ආබාධ හේතුවෙන් මොළයේ ඇතිවන ආබාධ නිසා දරුණු හිසරදය ඇතිවෙන බව වෛද්‍ය සර්ව භෞම ඩී. සී. ජයසේකර (එම්. එස්. සී. ආයුර්) මැතිඳුන් විසින් 1957 දී විරිචිත වාත රෝග චිකිත්සාව නමැති උතුම් ග්‍රන්ථයේ මැනවින් විස්තර කර ඇත.
ඒ මෙසේය:-

  1. මස්තිස්ක ප්‍රදාහය (මොළය ඉදිවීම), මැලේරියාව, ප්‍රතිෂ්‍යාව වැනි උණ නිසාද, සරම්ප, කම්මුල්ගාය, කක්කල් කැස්ස ආදිය නිසා ශරීරයේ ලේ විෂ වීමෙන් මෙය ඇති වෙයි. ඒ නිසා තද හිසරදයක් ඇති වෙයි.
  2. මස්තිස්ක විදායි (මොළයේ සැරව ගෙඩි) කර්ණ රෝග, පීනසය, නාසයේ වණ, පෙනහලු (පුප්පුෂ) රෝග උපදංශ ආදිය නිසා මොළයේ සැරව ගෙඩි ඇති වෙයි. ඒ නිසා හිසරදය ඇති වෙයි.
  3. මස්තිස්කාර්බුධ (මොළයේ තඩිස්සිය, වායු ගෙඩි, පිළිකාවෙන්, පල්ලක්වෙන් මස්දළුවෙන්, කොස්සක් මෙන් යම්කිසි ද්‍රව්‍යයක් පිරී උඩින් වැස්මක් මෙන් තිබෙන ගෙඩි මෙය විවිධ හේතූන් නිසා ඇති වන අතර ඒ නිසා තද හිසරදයක් ඇති වෙයි.
  4. මස්තිස්කාම්බු (මොළය හා කපාලය අතර ජලය පිරීම) මෙය දරුවා උපදින විට හෝ ඉපදුන පසු හිසට ඇති වූ වරදක් නිසා සිදුවිය හැක. සමහර විට දරුවා බිහිවෙන හෝ බිහිකරවන අවස්ථාවේ අඬුවක් වැනි දෙයකින් හිස තද වීමෙන් හෝ බිහි වීමෙන් පසු යමක් හිසේ වැදීමෙන් ඇති විය හැක. එවැනි හේතුවක් නිසා මස්තිස්කාම්බු රෝගය වැළඳී තද හිසරදයක් ඇතිවෙයි. මෙහිදී මොළයේ ඇතිවූ ජලය ඉවත් කිරීමට මෙන්ම හිසට ඇතිවූ තැල්ම සුව කිරීමට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නොඑසේ නම් එම තැළුන ස්ථානයේ ගඩු ඇති වී එහි පණුවන් ඇති වී මරණය පවා සිදුවිය හැක. එවැනි අවස්ථා කීපයක් මා දැක ඇත.

ප්‍රතිකාර:-

1. මස්තිස්ක ප්‍රදාහය

  1. ප්‍රථමයෙන්ම ප්‍රතිශ්‍ය උණට හෝ විශේෂ උණට ප්‍රතිකාර කළ යුතුය.
  2. ඉන්පසු ඔළිද පත්, කුප්පමේනිය පත් ආඩතෝඩා පත්, සියඹලා පත් යකිනාරං පත්, අමු ඉඟුරු, සුදුළුෑනු සමව ගෙන කොටා යුෂ ගෙන ඊට කළු කුමාර විරේක ගුලියක් දී පසුව එම පත්තියම් ගුලිය දී අනතුරුව ආනන්ද භෛරව රසය දීම සුදුසුය. ඒ අතර ප්‍රාණ ජීව (නියම ප්‍රාණජීව තෙල) සිද්ධාර්ථය වැනි තෙලක් හිස ගල්වා මෘදු ස්වේද දීම.

2. මස්තිස්ක විදායි

  1. ප්‍රාණජීව (නියම තෙල) සිද්ධාර්ථ, නාරායන වැනි තෙලක් හිස ගැල්වීම.
  2. ලේ ශුද්ධ කරවන අමෘතාදිය, පටෝලාදිය, මංජිෂ්ටාදිය වැනි කසායක් දීම.
    මෙම කසාය ගෝ මුත්‍රයෙන් සිද්ධ කර ඇහැල කරල් පැණි ප්‍රතිවාපදමා දීම වඩාත් සුදුසුය.
    මස්තිස්කාර්බුධ
    1.    රස භෂ්මය හෝ රන්හිරියල් භෂ්මය කොහොඹ පොතු යුෂින් හෝ ලුණුවිල යුෂින් උදේට දින 7 ක් පානය කිරීම.
    2.    මංජිෂ්ටාදී හෝ අමෘතාදි කසාය පානය කිරීම.
    3.    ඉහත සඳහන් පරිදි තෙලක් හිස ගැල්වීම5. මස්තිස්කාම්බු1. රුබාධි, හරංකහ, ඉරමුසු, තිරැස්සමාලු, නෙල්ලි, අරලු, කබරොස්ස මුල්, කොත්තමල්ලි, කටුකරෝසන, කලාදුරු අල, පාට කහ, කුරුඳු පොතු, කොල්ලන් කොළ, එනසාල් සමව ගෙන කසාය.
    2. ඉහත කී තෙලක් හිසේ ආලේප කිරීම රස තෛලය ඉතාම සුදුසුය.
    මීට අමතරව හිසරදය ගැන දැනට වර්ෂ 400 කට පමණ පෙර මුද්‍රිත යෝගරත්නාකරය නමැති උතුම් වෛද්‍ය ග්‍රන්ථයෙහි ද වටිනා විස්තරයක් ඇත. (කතුවරයානෝ අවිනිශ්චිතය) එහි සඳහන් පරිදි ප්‍රධාන වශයෙන් ශිරෝ තාප (හිසරද) දහයකි. ඊට අමතරව එම රෝග සමගම ශිරෝ තාප විසිදෙකකි ඒ මෙසේය.1.    වායු කිපී හිස වන දැඩි                                              තාපය
    පිත කිපෙමින් හිස වන දැඩි                                              තාපය
    සෙම් කිපෙමින් හිස වන දැඩි                                            තාපය
    තුන්දොස් කිපි හිස වන දැඩි                                              තාපය2.    ලේ කිපෙමින් හිස වන දැඩි                                       තාපය
    ක්‍ෂත නම් වන හිස වන දැඩි                                               තාපය
    කිමින් විසින් හිස වන දැඩි                                                තාපය
    හිරුවා නම් හිස වන දැඩි                                                  තාපය3.    ශංඛ වාත සහ අර්දි රුදා                                                වත්
    මෙසේ මහත් හිස වන රෝ                                              දහයත්
    උපනිය කුද්දටි ගණ්ඩ                                                  මාලය ත්
    කපාල කුෂ්ටත් වල්මික                                                   වජ්ජත්4.    සෛ් හිසේ වන රෝග දෙවිස්සෙ                                     ක
    නම් වෙන වෙන දැනෙන සිත නොව                                  සැක
    වෙසෙසින් මෙ නිදන් බලමින් නොවැල                                 ක
    පිළියම් කර නිවනත් කර සත                                              රැකහිසරුජා ඇතිවන අවස්ථා මෙසේ විග්‍රහ වෙයි. හිස ඉදිමීමත් සමග රාත්‍රියේ ඇතිවන්නේ නම් වාතය කිපීමෙන්ද හිස, ඇස, නාසය දැවිලි කර දහවල් කාලයේ ඇතිවන්නේ නම් පිත කිපීමෙන්ද හිස බර වෙමින්, සීගතුව දැනෙමින් හිස මුදුන සහ දෙඇස් රිදේනම් සෙම කිපීමෙන්ද, හිස තාපය හෙවත් හිසරදය ඇති වෙයි. මේ සියලුම ලකුණු සහිතව හිසරදේ ඇතිවන්නේ නම් ඒ සන්නිපාත හිස රුජාවයි. උදයේ ආරම්භ වී හිරු මුදුන් වන තුරු කෙමෙන් කෙමෙන් වැඩි වී හිරු අවරට යෑමේ සිට සවස් වන තුරු කෙමෙන් කෙමෙන් අඩුවන්නේ ඉරුවා රදය නමැති හිස රුජාවයි.
    එහි සඳහන් ප්‍රතිකාර කීපයක් මෙසේය:
    වාතය කිපි හිස රදයට: 1. ජීවක, වෘෂභ, ගල්කණ්ඩු මිදි මුල්, බැබිල මුල්, මානෙල් අල සමව ගෙන අඹරා එළකිරි සහ තලතෙල් යොදා සිඳි තෙල් නස්න කිරීම.
    පිත කිපි හිසරදයට: එළකිරි සහ කාඩි ජලය වෙන වෙනම ගෙන කොතල, කෙමියකින් හිසට වත්කිරීම (හිස තෙමීම)
    සෙම කිපි හිසරදයට: 1. මිදි මුල්, සර්කරා, සමව ගෙන අඹරා යොදා ගිතෙලින් සිඳ තෙල නස්න කිරීම, නස්න කිරීමට පෙර මී අරටුවක් ගින්නෙන් රත් කර මද උණුසුමින් හිස තැවිය යුතුය.
    2. වැල්මී, අඟුන මුල්, වැල් පොලගු සහිදලුණු සමව ගෙන අඹරා හිස් මුදුන ගැල්වීම
    තුන්දොස් කිපි හිසරදයට:- බල දැනගෙන පරණ ගිතෙල් පෙවීම සුදුසුය.
    මෙම ප්‍රතිකාරවලට අමතරව කාලගුණය, දේශගුණය වයස සහ අනුභව කර ඇති ආහාර පාන සහ විහරණ ආදිය ගැන ද විමසා බැලිය යුතුය. ඒ අනුව ප්‍රතිකාර යෙදිය යුතුය. මළ බද්ධය, මුත්‍ර බද්ධය හා පපුවේ සෙම ගතිය ඇති විට සෙසු ප්‍රතිකාරවලට පළමුව එම ආබාධවලට ප්‍රතිකාර කළ යුතුය. සෙම් කෝපය නිසා දුර්වල වූ පෙනහලු සහ දෘදයේ ක්‍රියාකාරිත්ව යථා තත්ත්වයට පත් කළ යුතුය. ඒ සඳහා මගේ පළපුරුද්ද වන්නේ මා නිෂ්පාදනය කරන ප්‍රාණජීව තෙල් හිස් මුදුනේ නළලේ, කමිමුල්වල සහ පිටේ උරපතු යට ආලේප කර තෙල් නස්න කර සෙම ඉවත් කර දැමීමය. තෙල් නස්න කළ යුත්තේ උදේ කෑමට පෙර හා ඉර උදාවූ පසුව වුවද හදිසි අවස්ථාවකදීය. ඒ මොහොතේම විමසා බලා තෙල් නස්න කළ යුතුය. තෙල් කුප්පිය උණු වතුරේ තියා රත් වූ පසු ආලේප කරන්නේ නම් ක්‍රියාකාරිත්වය ඉක්මන් වෙයි. මළ බද්ධය තිබේ නම් තිරැස්සවාලු චූර්ණය උදේ හිස්බඩට උක් පැණි සහ සීනි සමග දීමෙන් ඉතා පහසුවෙන් සාර්ථකව විරේක වෙයි. අතුරු ආබාධ කිසිවක් සිදු නොවේ. එය තුන් දොස් විරේක වන බෙහෙතකි. මුත්‍රා බද්ධය තිබේ නම් වරකට වැල් කහඹිලියා මුල් කළඳක් පමණ කසාය කර පෙරාගෙන ඊට එනසාල් ඇට කුඩු කලං 1/4 ක් පමණ යොදා බීමට දීමෙන් විනාඩි 15 ක් වැනි සුළු කාලයක් තුළ මුත්‍රා බද්ධය ඉවත් කළ හැක. එහෙත් වේල තුන හතරක් එය දීමෙන් මුත්‍රා බද්ධය හා මුත්‍රා මාර්ගයේත් වකුගඩුවලත් සියලු දොස් දුරුවෙයි.
    ඉන් පසු සෙසු ප්‍රතිකාර කිරීම සුදුසුය.
    වැදූගෙයි සන්නිය හෝ මරණ සන්නිය හෝ ගොළු සන්නිය වැනි තත්ත්වයකට පත් වූ විට ගැල්විය යුත්තේ මා දන්නා පරිදි නිසි ලෙස නිෂ්පාදනය කරන ලද මහකුමාර තෛලයයි. තෙල ගල්වා නස්න කර සුව තත්ත්වයක් ඇති වූ පසු එම තෙල් තේ හැඳි 1 බැගින් උදේ සවස වරු 6 ක් පමණ පානය කිරීමත්, ඉන්පසු නැවත එම තත්ත්වය ඇති නොවීමට මහ සන්නි කුඩ නමැති චූර්ණය කොහොඹ තෙලින් අනා වරකට තිබ්බටු ගෙඩියක් පමණ වරු 6 ක් පමණ ගිලීම සුදුසුය. මේ අතරම හිස, නළල සහ උකුණුවල බෙහෙත් පොට්ටනියකින් තැවීම සුදුසුය. ඒ සඳහා කොහොඹ පොතු, මුරුංගා පොතු සහ කොට්ට පොල් මිට මිට බැගින් පමණ ද, කොහොඹ ඇට, මී ඇට, දොඹ ඇට, කරද ඇට, කපු ඇට, තෙල් එඬරු ඇට, කුඹුරු ඇට, පුස් ඇට, මුරුගං ඇට, අමු ඉඟුරු, ගම්බිරිස්, අබ, වදකහ, සුදු ළුෑනු කලං 1/2 බැගින් පමණ ද ගෙන එකට කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බාගෙන තෙල් ගෑවාට පසු තැවිය යුතුයි. කෙසේ වෙතත් මෙම රෝග පිළිබඳ කුමන අවස්ථාවකවත් කෝපි හෝ ශීත කළ බීම වර්ග පානය නොකළ යුතුය.
    මෙවැනි හිස රුජාව ඇති අවස්ථාව කෑමෙන් බීමෙන් ප්‍රවේශම් විය යුතුය. මගේ ක්‍රමය අනුව කොච්චි, නයි මිරිස්, අච්චාරු, මස් සහ මාලු වර්ග, වැටකොළු, නිවිති, බණ්ඩක්කා, වම්බටු, රට දෙල්, බිලිං, පිපිඤ්ඤා, තෙල් බැදුම්, පාන්පිටි වැනි දේ තදින්ම අගුණ බව සලකන්න. කොච්චි තදබල විෂයි. ඇල්දිය නෑම අගුණයි. මුලින් සඳහන් කර ඇති පරිදි රෝග ඇති වීමට හේතු වූ සියලුම දෙයින් වැලකිය යුතුය. නෑමට උණු ජලය සුදුසුය. එහෙත් උණු ජලය ඉබේම නිවෙන්නට තබා ගන්නවා මිස ඇල් ජලය කලවම් කර නිවා නොගත යුතුය.

    රා. මු. ක. බණ්ඩාර
    ආයුර්වේද විශාරද පණ්ඩිත,
    වේගොල්ල, මාස්පොත
    0723920873