අර්ශස් හැදෙන හැටි සහ ස්ථිර සුවය දෙන ප්‍රතිකාර

fffඅප ගන්නා ආහාරවල අවසාන කාර්යය සිදු කරන ඉන්ද්‍රිය ‘ගුදය’යි. මහ බඩ වැලේ කෙළවරේ සිට අඟල් 5 1/2 – 6 දිගින් යුත් මෙය තුළ හටගන්නා රෝගී තත්ත්වයක් ලෙස ‘අර්ශස්’ හැඳින්විය හැක. අර්ශස් වර්ග කිහිපයක් ඇතත් සමාජයේ බහුලව දැකිය හැක්කේ අභ්‍යන්තර වියළි අර්ශස්, ලේ අර්ශස් යන දෙවර්ගය වේ. මෙම කොයි අර්ශස් වර්ගයටත් පොදු රෝග ලක්‍ෂණ පවතින අතර බඩ පුරවා දැමීම, මල බද්ධය (නොහොත් වැසිකිලි ගියත් මද බව), ලේ යාම, තෙත ගැලීම, සීදන් යාම, දැවිල්ල, කොන්ද, යටි බඩ දණහිස් වේදනාව, මුත්‍රා අඩස්සිය, නිදිමත බව, කම්මැලි බව, අධික තරහ යෑම, නොසන්සුන් බව මෙම රෝගීන් තුළ දැකිය හැක.


අභ්‍යන්තර අර්ශස්වලට ගොදුරු වන පුද්ගලයා විශේෂ අවස්ථා 4 ක් පසුකරයි. මෙයින් පළවැනි සහ දෙවැනි අවස්ථාවේදී ඉහත රෝග ලක්‍ෂණ සමග වැසිකිලි යන විට ගුදයේ කෙළවර ඉදිමුම් ස්වභාවයක් දැනෙන අතර නැගිටින විට ඉබේ ඇතුල් වේ. මෙවැනි රෝගියෙක් අප ළඟට පැමිණිය හොත් සති 4 – 6 ක් යන විට ස්ථිර සුවය ලබා දීමට පුළුවන. නමුත් තුන් වැනි අවස්ථාවේදී ඉබේ ගිය ගෙඩි අතින් තල්ලු කළ යුතු අතර එවැනි රෝගීන් සුවපත් කිරීම සංකීර්ණ ස්වභාවයක් ගන්නා නිසා මාස 3 – 3 1/2 වැනි කාලයක් සුවය ලබා දීමට ගතවේ. අර්ශස් රෝගියකුට සිතෙන්න පුළුවන් හැමදාමත් අතින් තල්ලු කර කර ඉන්න පුළුවන් කියලා. නමුත් එය වැරදියි. කල් යන විට එකවරම එළියට එන ගෙඩිය අතින් තල්ලු කළත් ඇතුළට යන්නේ නැහැ. මෙම අවස්ථාවේදී රෝගියා හට මරණයේ වේදනාවට සමාන වේදනාවක් දැනෙන බව පැවසේ. නමුත් මෙවැනි රෝගියෙක් අප ළඟට ආවොත් අපගේ තෙල් ප්‍රතිකාරයෙන් දින 05 ගත වන විට වේදනාවත්, සති 06 ක් ගත වන විට ස්ථිර සුවයත් ලබා දෙන්න පුළුවන්.
අර්ශස් රෝගීන්ගේ සිත් තුළ පවතින අනියත බියක් තමයි මෙය පිළිකාවක් ද කියා බොහෝ තරුණ වැඩිහිටි කාන්තාවන්ගේ ගුදයේ එළියේ කුඩා මස් දල්ලක් හෝ දෙකක් දැකිය හැකියි. ඒවා මස් දළු මිසක් පිළිකා නොවේ. එමෙන්ම අර්ශස් ගෙඩියක් ද පිළිකාවක් බවට පරිවර්තනය වීමට ඉඩක් නොමැත. එමෙන්ම අච්චාරු, මුරුංගා, දෙල්, තක්කාලි, ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, බල කරවල, මත් පැන්, කෘතිම ආහාර වර්ග මෙන්ම නියමිත ප්‍රමාණයට වතුර පානය නොකිරීම, අධික බර ඉසිලීම, වෙහෙසවීම, මල මුත්‍ර වේග දරා සිටීම, නිදි වැරීම, මානසික ආතතිය මෙම රෝගයට අහිතකර වේ.
ඔබතුමාගේ විස්තරය තුළින් අර්ශස් රෝග තත්ත්වය ගැන මෙන්ම සිත් තුළ අනියත බියක් තිබුණේ නම් ඒ සියල්ල පිළිබඳව හොඳ වැටහීමක් ලැබුණු බව විශ්වාසයි. අර්ශස් රෝගියෙක් කියන්නේ හොඳයි කියන හැම තැනටම ගිහින් බලාපොරොත්තු කඩවුණු මෙන්ම අතිශය මුදල් ප්‍රමාණයක් වියදම් වුණු පුද්ගලයෙක් කීවොත් නිවැරැදියි.

ඔබතුමා ළඟට එන රෝගියකුටත් බලපාන කාරණා තමයි ඒවා. අවසාන වශයෙන් මෙයටත් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද?
“මෙත් වෙද මැදුර” අපගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් තිබෙනවා.
සතියේ දින පහ නුවර, කුරුණෑගල, පාරේ හෑදෙනියේ.

සති දෙකකට වරක් මාතර – අකුරැස්ස පාරේ 1 කණුව හිත්තැටිය හන්දියේ.

සතියේ සෑම ඉරිදා දිනකම බොරලැස්ගමුව ‘සුනෙත් ප්ලාසා’ යන ස්ථානවල ප්‍රතිකාර කරනවා.

රෝගියකුට දිනක ප්‍රතිකාර සඳහා රුපියල් එකසිය පනහක් (150/=) වැනි මුදලක් වැයවෙන අතර කොළඹ – මාතර සති 3 හෝ 04 ට එකවර බෙහෙත් ලබා දෙනවා.

නුවරට ආසන්න රෝගීන් හට සති 02 ට වුණත් බෙහෙත් ලබා ගන්න පුළුවන්.
අවසාන වශයෙන් ඕනෑම රාජකාරියක නියුතු අයකුට පහසුවෙන් කරගත හැකි ප්‍රතිකාරයක් නිසා ඔබගේ රෝගය ස්ථිර ලෙසටම සුවකර ගෙන ජීවිතය සතුටින් විඳින්න

නොමිලේ විස්තර සඳහා අමතන්න
077 355 3498

සකස් කළේ – චාමර