මොකක්ද මේ සුදයාම කියන්නේ?

කාන්තාවන් බහුතරයකගේ ප්‍රශ්නයකට විසඳුමක්
සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශවල තෙත් වූ ස්‍රාවයක් සහිත ස්වභාවයක් දැකගත හැකි තත්ත්වයක්. ඊට හේතුව ගර්භාෂය නිරන්තරව කළලයක් දරාගැනීමට සුදානමින් සිටීම වන අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ නිකුත් වීමක් ද සිදුවේ. මෙම කාලය තුළදී යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ස්‍රාවයන් වැඩි වශයෙන් දැකගත හැකි නමුත් සුද යාම වැනි තත්ත්වයකදී එම තත්ත්වය නිරන්තරයෙන් දැකගත හැකි වේ. එහිදී අදාළ රෝගී තත්ත්වයෙන් පීඩා විඳීන කාන්තාවට ප්‍රමාණය ඉක්මවා යෝනි මාර්ගය ආශ්‍රිත ස්‍රාවයන් පිටවීම “සුද යාම” ලෙස හඳුන්වයි.
 
මෙවැනි තත්ත්වයන් හඳුනාගන්නේ කෙසේද?
 
නිරෝගී කාන්තාවකගේ සරු කාලය තුළදී ඩිම්බ නිකුත් වන අවස්ථාවලදී යෝනි මාර්ගය හරහා පිට කරන ස්‍රාවයන් වර්ණයක් හෝ ගන්ධයකින් තොරව නිකුත් වේ. නමුත් රෝගී තත්ත්වයකදී ඇතැම් අය කිරි පැහැයට (මේවා බොහෝ විට මුදවපු කිරිවල පැහැයට සමාන වේ), තරමක් උකු ද්‍රාවණයක් ලෙසින් වැඩි වශයෙන් පිටවිය හැකි ය. තවද සුදු පැහැති කැබලිති ලෙස ද (පොල් කුඩු වැනි ස්වභාවයෙන්) යෝනි මාර්ගය අවට පැතිරි පැවැතිය හැකි ය. මීට අමතරව රතු පැහැයට හා ළා රතු පැහැයට, කහ මෙන්ම තද කහ පැහැයට හුරු ද්‍රාවණ ලෙස ද දැකගත හැකි ය.
 
වෛද්‍යතුමනි, මෙවැනි කාන්තාවන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදෙයි. එයට හේතු ලෙස ඔබතුමන් දකින්නේ කුමක් ද?
 
ඔව්. එය ඉතා වැදගත් ප්‍රශ්නයක්. සුද යාමේ තත්ත්වය ආශ්‍රිතව කාන්තාවන් විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනු ලැබේ. එහිදී යෝනි මාර්ගය අවට කසන ස්වභාවය, තුවාල ඇති වීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශ කැසීමට ලක් වීම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන බහුල වශයෙන් දැකගත හැකි ගැටලුකාරී තත්ත්වයන් වේ.
 
තමාගේ සනීපාරක්‍ෂාව හොඳින් පවත්වාගෙන නොයාම, යහපත් සෞඛ්‍ය පුරුදු නොමැති වීම, ක්‍ෂුද්‍ර ජීවී ආසාදන, ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටින කාන්තාවන් මෙන්ම වැඩි වශයෙන් හිඳගෙන සිටින කාන්තාවන් ද මීට ගොදුරු විය හැකි ය. තවද බර ඉසිලීම, පොදු වැසිකිළි භාවිතයේ දී ඒවායේ පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම, බහු පුරුෂ සේවනය හා සමාජ රෝග සුද යාමත් සමඟ ඇතිවන කිරි පණු රෝගවලදී එම පණුවන් යෝනි මාර්ගය වෙත ප්‍රවේශ වී බිත්තර දැමීම ද මේ යටතේ කතාබහට ලක් කළ හැකි ය.
ඉහත හේතුන්ට අමතරව උෂ්ණාධික ආහාර ගැනීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හැඳින්විය හැකි ය. විශේෂයෙන් තරුණ වයස්වල පසුවන කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, ඇඹරැල්ලා අච්චාරු වැනි දේවල් ආහාරයට ගැනීමත් කෘත්‍රිම ආහාර පානවලට යොමු වීමත් නිසා ඔවුන්ගේ ශරීර උෂ්ණාධික තත්ත්වයට පත් වේ. තවද මෙවැනි රෝගීන්ට ආහාර ජීර්ණය ආශ්‍රිතව ද රෝග ලක්‍ෂණ දැකගත හැකි වේ. ඒ අතර ආහාර අරුචිය, මළබද්ධය හෝ විටින් විට මළ අක්‍රමිකව පිටවීම ප්‍රධාන වේ. එමෙන්ම පලු දැමීම ආශ්‍රිත සමේ රෝග, පීනස් රෝග, අර්ශස්, හිස කැක්කුම ද ශරීරය අප්‍රාණික ගතිය, අධික කේන්තිය වැනි ලක්ෂණ මීට සමඟාමීව ඇති විය හැකි ය. තවත් සමහර අයට මළ පිටවීමේදී අක්‍රමිකතා ද තිබේ. ඒ වගේම නිතර නිතර මළ බුරුල්ව පිටවීම මෙන්ම ඇතැම් අයට මළබද්ධය වැනි අපහසුතා ද තිබේ. මේවා සියල්ල සුදයාමේ තත්ත්වයට සමගාමීව රෝගීන් තුළ දැකගත හැකි ය.
 
වෛද්‍යතුමනි, මේ ආකාරයට කාන්තාවන් මුහුණදෙන ගැටලුවලට ආයුර්වේද හෝ දේශීය වෛiකර්මයන් ඇසුරින් නිසි පිළියම් ලබාගත හැකි ද?
 
ඔව්. පැහැදිලිවම ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම කියන්නේ බොහෝ අය නොසිතන තරම් වෛද්‍යත්මක දියුණු වෛද්‍ය ක්‍රමයන්. කාන්තාවන්ට වැළදෙන සියලුම රෝග සම්බන්ධයෙන් පුළුල් විග්‍රහයන් මෙම වෛද්‍යක්‍රම තුළ තිබෙනවා වගේම ඒවා මුලින් උපුටාදමන ප්‍රතිකාර සහ එමගින් සුවපත් ජීවිතයක් ගත කළ හැකි අන්දම මෙම වෛද්‍යක්‍රම මගින් අවධාරණය කර තිබෙනවා.
 
වෛද්‍යතුමනි, සුදයාම සඳහා ලබාදෙන පිළියම් ලෙස?
 
ඉහත පැහැදිලි කළ පරිදි සුදයාමේ තත්ත්වය, සමගාමීව ඇතිවන එක් එක් රෝගී තත්ත්ව සඳහා වෙන් වශයෙන් ප්‍රතිකාර කිරීමක් මෙහිදී සිදු නොවේ. ආයුර්වේද වෛද්‍ය විද්‍ය නුකුලව රෝගී තත්ත්වය සියුම් ලෙස වෛiවරයාගේ පරීක්‍ෂාවට ලක්වන අතර, සියලුම රෝගී තත්ත්ව හා රෝග ලක්‍ෂණ මත ප්‍රතිකාර යොදනු ලැබේ.
 
වෛද්‍යතුමනි, සුදයාම නිසා කාන්තාවන්ට ඇතිවන අතුරු ආබාධ ලෙස ඔබතුමන් දකින්නේ?
 
සුදයාමේ තත්ත්වයෙන් පීඩා විඳීන කාන්තාවන් හට කාලයත් සමඟ ගර්භාෂය ආශ්‍රිත යම් යම් රෝගී තත්ත්ව ඇති වීමේ වැඩි ඉඩකඩක් තිබේ. මේ නිසා ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව බවට පත්වන්නේ දරුවන් නොලැබී යාමයි. තවද ලිංගික සංසර්ගයේදී ගැටලුකාරී අවස්ථාවන්ට ද මුහුණදීමට සිදු විය හැකි ය. කෙසේ වෙතත් මෙම තත්ත්වය කල්තබා හඳුනාගෙන නිවැරදිව ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම හරහා මෙම සුදයාමේ ලක්‍ෂණය ඇතුලු අනෙකුත් රෝගී තත්ත්වයන් ස්ථිරවම සුව කළ හැකි ය.
 
නමුත් වෛද්‍යතුමනි, මෙවැනි රෝග පීඩාවන්ගෙන් පෙළෙන බොහෝ කාන්තාවන් වර්තමනයේදී අතිශයින් කාර්යය බහුලයි එවැනි අයට මෙම ආයුර්වේද/පාරම්පරික වෛද්‍ය ක්‍රම ඔස්සේ ලබාගත හැකි පහසු ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද?
 
ඔව්. එය ඉතා වැදගත් ප්‍රශ්නයක්. කාන්තාවන්ට පමණක් නොවෙයි ඕනෑම කාර්යයබහුල අයකුට පහසුවෙන් ලබාගත හැකි ප්‍රතිකාර ක්‍රම තිබිය යුතු යි. ඒ නිසාම තමයි මට ඇති පාරම්පරික අත්දැකිමුත් මුසුකරමින් නවීන තාක්ෂනානුකුලව පහසුවෙන් භාවිතා කළ හැකි ඖෂධ අප විසින් නිෂ්පාදනය කරන්න යොමු වුණේ. මෙම ක්‍රමවේදයන් හමුවේ ඖෂධ සෙවිම, කසාය තැම්බිම වැනි ක්‍රියාවන්ගෙන් බැහැරව ඕනෑම අවස්ථාවක භාවිතයට පහසුවන අන්දමේ ඖෂධ රැසක් අප විසින් නිපදවා තිබෙනවා. මෙම ක්‍රමය නිසා බොහෝදෙනා අතර නවින තාක්ෂනානුකුලව දියුණු කළ මෙම පාරම්පාරික ප්‍රතිකාර ජනප්‍රිය වී ඇති බවත් කිවයුතුයි.
මෙවැනි වටිනා විද්‍යාත්මක දේශීය පාරම්පරික වෛද්‍ය කර්මයන් මගින් රෝග සුවකිරීම සම්බන්ධයෙන් විශාල ජන මෙහෙවරක් සිදුකළ හැකි නිසා මෙම ඉපැරණි වෛද්‍ය ක්‍රම සහ වෙද්‍යවරුන් රැකගැනීම කාගේත් යුතුකම වන්නේය.
 
රන්පත වෙදමැදුර
නො. 663, නුවර පාර, පෑලියගොඩ (පට්ටිය හන්දියේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල)
071 300 90 88, 076 7 274 674, 011 4 344 599
ක්‍ෂණික ඇමතුම්: 071 300 7000
වෙබ්: www.ranpathawedamedura.com