විවාහයේ සැබෑ අරුත හා සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර

2019 මැයි මාසය මෙි වසරේ උදාවන ඉතාමත් සොදුරුතම
වාසනාවන්ත පින්බර මංගල මාසයකි. විශේෂයෙන් විවාහ මංගල උත්සව බහුතරයක්
යෙදෙන අතිෂය සුබ නැකැත් උදාවන මාසයක් ලෙස මෙම මැයි මාසය හෙවත්
වෙසක් මාසය හැදින්විය හැකිය. එසේනම් විවාහ මංගල උත්සවයේ සැබෑ අරුත හා
එහිදී අනුගමනය කළ යුතු සිංහල සංස්කෘතිය හා බැදුණු අපේ විවාහ චාරිත්‍ර
පිළිබඳව විමසා බැලෙන  ලිපියකි මේ.


මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත
වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය, හා මරණය හෙවත්
මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට
කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි
එකම සාධකය අපගේ විවාහයයි. පෙරුම් පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ
යෝජනාවක් මත හෝ එක වහළක් යටට නික්ම යන විවාහය, එසේත් නැතිනම්
ජීවිතයේ සොඳුරුතම කඩ ඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය
විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබෙන විවාහය,
නමුත් අප පාලනය නොකරන එකම සාධකයද විවාහයයි.
මා එසේ පවසන්නේ ඇයි ? එයට හේතු රාශියක් ඇත. එම හේතු මොනවාද?
අපේම විවාහය අපට අවශ්‍ය ලෙස පැවැත්විය නොහැකිද? මෙම ලිපිය මගින්
සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම කාලීන මාතෘකාවයි. ජ්‍යොතිෂය
විවාහය තුළදී අත්‍යවශ්‍ය සාධකයකි. විවාහයේ මුල සිට අගටම ජ්‍යොතීෂ ශාස්ත්‍රයේ
සහාය ලබාගැනීම පුරාණයේ සිට අද දක්වාම ලාංකික සමාජයේ පැවත එන
සාම්ප්‍රදායික චාරිත්‍රයකි. එසේ නම් ඒ උතුම් වටිනා ජ්‍යොතිෂ ශාස්ත්‍රය නිවැරදිව අප
විවාහය තුළට යොදා ගත යුතු නොවේද? එවිට විවාහයේ ගැටලු බොහෝ දුරට අඩු
වනු ඇත. නමුත් වර්තමාන විවාහ මංගල උත්සව වලදී අප ජ්‍යොතීෂවේදීන් ලෙස
දැක ඇති අඩුපාඩු රාශියකි. විවාහ පොරොන්දම් බැලීමේ සිට විවාහ උත්සවය අවසානය
තෙක්ම මෙම අඩුපාඩු රාශියම දැක ගත හැකිය. සමහර දෙමාපියන් මෙන්ම
යුවතිපතියන්ද පොරොන්දම් පවා බලන්නේ තමාට අවශ්‍ය නිසා නොව අන් අයගේ
අවශ්‍යතාව මතය. සමහරුන්ට ඒ ගැන විශ්වාසයක් නැත. තවත් අයට ඒ ගැන
අවබෝධයක් නැත. තවත් කෙනෙක් ඒවා ගණන් නොගනී. ජීවිතයේ වැදගත්ම
මෙන්ම වටිනාම අවස්ථාව වන විවාහ මංගල උත්සවය වර්තමාන සමාජයේ අදාල
විවාහක යුවලගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ පාලනයෙන් තොර වූවක් බවට පත් වී
ඇත. එයට හේතුව වන්නේද ඔවුන්ගේ නොදැනුවත් කමයි. අද විවාහය සිදු වන්නේ
හෝටලයේ දින ඉතිරි වී ඇති ආකාරය, රූපලාවන්‍ය ශිල්පීන්ගේ අව්‍යතා ඥාාතීන්,
යාළුවන්, හිතවතුන්ට සහභාගී විය හැකි දින, සේවා ස්ථානයේ නිවාඩු ගත හැකි දින,
විවාහයට ආහාර සපයන්නන්ගේ ඉතිරි හා ඔවුන්ට අවශය, හැකි දින,
ඡායාරූපකරණයේ නියුතු කැමරාකරුගේ අවශ්‍යතා වැනි බාහිර පුද්ගලයන්ගේ
අවශ්‍යතා මතය. මංගල උත්සවයේදී කැමරාකරුගේ අණට යුවළට අවනත වීමට
සිදුවන අවස්ථා බහුලව දැක ගත හැකිය. විටෙක මනාල යුවළ රංගන ශිල්පීන්ටත් වඩා
දක්ෂ විය යුතුය. සමහර අවස්ථා ටෙලි නාට්‍ය රූගත කිරීම් වැනිය. නමුත් මේ කෙසේ
වුවත් අවසානයේ ජායාරූප ඇල්බම් ස්ටුඩියෝ වල ගොඩ ගැසී ඇත.
විවාහ මංගල උත්සව සඳහා නැකැත් සෑදීමට අප වෙත පැමිණෙන සේවා
දායකයින් කරනු ලබන ප්‍රකාශ නිසාද අපද විටෙක අපහසුතාවයට පත්වන අවස්ථාද
ඇත. කෙනෙක් මට අසවල් දිනේදී නැකැත් සාදා දෙන ලෙස පවසන අතර තවත්
විටෙක අපේ අසවල් ඥාාතියා, මිතුරා පැමිණෙන්නේ මෙම දිනයට බැවින් එයට
අදාලව නැකැත් සාදා දෙන ලෙසද පවසයි. නමුත් කිසිදු අවස්ථාවක එසේ හදිස්සියේ
ක්ෂණිකව ඵලදායි නැකතක් සෑදිය නොහැකිය. උගත් අවංක ජ්‍යොතිෂවේදියා කිසි
විටක එසේ දඩිඛිඩි නැකැත් නොසාදයි. නමුත් සමහර ජ්‍යොතිෂවේදීන් පෙරැත්ත
නිසාම එසේ සේවාදායකයාගේ අවශ්‍යතාව සපුරණ අවස්ථාද ඇත. නමුත් එවැනි
නැකැත් වල කිසිදු ඵලදායිතාවයක් නම් නැත. අද උසාවි වල දික්කසාද පෝලිම දික්
ගැසී ඇත්තේ මේ නිසාවෙනි. විවාහයකට යුවළකට නැකැත් සෑදීම ඉතාම භාරදූර
කාර්්‍යයකි. දෙදෙනාගේම උපන් නැකතට ගැලපෙන දිනයක් සොයා ගැනීම මෙන්ම
ඊට අදාල තවත් කටයුතු රාශියක් නිසා නැකැතක් ගැනීම ඉතාම භාරදූර කටයුත්තකි.
එය කල්වේලා ඇතිව ජ්‍යොතීෂානූකූලව සිදුකිරීම තුළින් ඉහත ගැටලු බොහෝ දුරට
විසදා ගත හැකිය. නමුත් අද විවාහයේදී සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍රයට මුල් තැන
දෙනවා වෙනුවට පුහු බාහිර සෝබන කටයුතුවලට මූලිකත්වය දී ඇත. නැකත
හාස්‍යට ලක් වී බාහිර ආටෝප සාටෝප ඉදිරියට පැමිණ ඇත. මධුවිත, සත්ව මාංශ
කන් ඛිහිරි කරවන සංගීත නාද වැනි දේ විවාහ සතුට උදුරාගෙන ඇත. විවාහයේ
පරමාර්ථයන් පලා ගොස් ඇත. අවසානයේ මනාල යුවළ අනාගත ණය කාරයන් බවට
පත්වී ඇත.
මනාලිය නිවසින් පිටවීම, මනාලයා නිවසින් පිටවීම, පෝරුවේ චාරිත්‍ර, දෙවන
දිනයේ යුවළ නිවසට පැමිණීම වැනි ඉතාම වැදගත් කටයුතු වලට අදාල නැකැත් අද
විවාහ උත්සව වල ඉටු නොවන තරම්ය. මනාලිය නිවසින් පිටවීමට රූපලාවන්‍ය හරස්
වී ඇත. මනාලිය නිවසින් පිටවීම, මනාලයා නිවසින් පිටවීමට ඡායාරූපකරණය හරස්
වී ඇත. පෝරුවේ චාරිත්‍රවලදී අවශ්‍ය අෂ්ටක නොකිවන තරම්ය. එයට කාලය හරස් වී
ඇත. එම කාලය ඡායාරූපකරණයට ගත වී හමාරය. රූපලාවන්‍ය කටයුතු,
ඡායාරූපකරණය, සංගීතය, වැනි දෑ අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් යොදා ගත
යුතුය. ඡායාරූප, රූපලාවන්‍ය නිසා විවාහය නොව විවාහය සඳහා ඡායාරූප, රූපලාව්‍ය
විය යුතුය. මනාල යුවළ දෙවන දින නිවසට පැමිණෙන්නේ ඉර අවරට ගියාට පසුවය.
ඉතින් ඉර අවරට ගිය පසු සුභ නැකැත් කොහින්ද? විවාහයේ මූලිකම පරමාර්ථය
සමාජයට යහපත් නිරෝගී දරු පරපුරක් ඛිහි කිරීමයි. ඒ සඳහා මනාල යුවළගේ ප්‍රථම
එක් වීම සඳහා ඊට අදාල සුභ නැකතක් විය යුතුය. නමුත් අද ඒ සඳහා නැකැත්
නොසාදන තරම්ය. මනාල යුවළද දින ගණනක චාරිකාවකින් පසු සිටින්නේද විඩා
බර ගතකින් හා මනසකිනි. එවැනි අවස්ථාවක නිරෝගි දරුවෙකු ඛිහි විය නොහැකිය.
සියලු දෙනා මෙසේ නොවුනත් බහුතරය මෙසේ හෙයින් මෙවැනි ලිපියක්
ලිවීමට සිත් විය. එසේ නම් ඔබගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් වන විවාහ
මංගල උත්සවය අනුන්ට උවමනා ලෙස නොව තමුන්ට උවමනා ලෙස චාම්ව නමුත්
වැදගත්ම සුභ නැකතට මුල්තැන දෙමින් ජ්‍යොතිෂානුකූලව පැවැත්වීමට ඔබත්
උත්සාහ කරන්නේනම් ඉතා අගනේය. එවිට එය අනුන්ගේ වූ තමුන්ගේ විවාහය ක්
නොවනු ඇත. එය තමුන්ගේම සුබම සුබ විවාහයක් වනු ඇත. ඉහත ආකාරයට නිසි
අයුරින් විවාහය සැලසුම් කොට පැවැත්වීමත්, පහත සඳහන් සිංහල සංස්කෘතිය හා
බැඳුණු අපේ විවාහ චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමත්, හෙළ බෙෘද්ධයාගේ දෙවන උපත
ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර නිසි පරිදි අනුගමනය කිරීමත් අපගේ හෙළ
විවාහ සංස්කෘතිය රැක ගැනීමට මහත් වු රුකුලක් වනු ඇත.

ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ