ජනවාරි 24 ශනි මකරයට පිවිසීම ඔබගේ ලග්නයට කෙසේ බලපානු ඇද්ද ?

මේෂ ලග්නය

ශනි ලග්නයෙන් 10 වැන්නට පැමිනීම යහපත් කාලයකි. වෘත්තීය අංශ වල මෙන්ම රැකියා වල යහපත උදා වනු ඇත. සතුරන්ගෙන් ඡය ලැබෙන කාලයකි. සතුරන් පරාඡය කළ හැකි කාලයකි. දේපල දියුණවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගණුදෙනු වලින් නිදහස් වීමට හැකියාව ලැබෙි. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාන්ඩ ගැනීමෙි අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතු වලට සුභ ඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීමි හෝ උසස් වීමි සඳහා සුබ ඵල උදා කරණු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාඡයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්ථයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමෙී ප්‍රවනතාවයක් දක්නට ලැඛේ.

වෘෂභ ලග්නය

ඔබගේ අෂ්ඨම ඒරාශ්ඨකය අවසන්ව ශනි ලග්නයෙන් 9 වැන්නට පැමිනීම  ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. පෙර පින ඇති කරයි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි.  මේ කාලය මිශ්‍රඵල දායක වේ. ලිපි ලේඛන හා නිර්මානාත්මක කටයුතු සදහා හොදයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු  ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදාචේ. රැකියා අංශ වල විසිතුරු භාණ්ඩ අලවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ  කටයුතු වලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්භන්ධව ගැටළු පැන නැගීමට හැකිය. වා,පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වැං රැකියා වල නිරතවන්නන් ට සුබ දායකය.  රෝග වලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටු දායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්වය යහපත්ය.

මිථුන ලග්නය

ශනි ලග්නයෙන් අටවැන්නේ ගෝචර වීම ලග්න අෂ්ඨම ඒරාශ්ඨකයයි. සෙනසුරු ග්‍රහයා ධනුවෙි ගත කරන ඉදිරි වසර දෙකහාමාරක කාලය අෂ්ඨම ඒරාශ්ඨක අපලය උදාවන කාලයකි. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියා වල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු, වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක ලග්නය

ශනි 7 වැන්නේ ගමන් කරන මෙම කාලයේ ඔබට සමඵල උදා කරයි. විවාහයට යහපත් වෙි. නමුත් නීතිමය කටයුතු වලින් නමි යහපත් නොවෙි. අධ්‍යාපනය ලබන ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුභ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරෝතු වන ඔබටද මෙම කාලය තුල එතරමි සුභදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදමි සහිත කාලයක් වෙයි. ප්‍රේම සමිභන්ධතා පවත්වන්නන්ගේ එම සමිබන්ධතා බිදී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යන්ට මෙම කාලය තුල විවිධ අන්දමෙි බාධා කරදර ඇති වෙයි. නමිබුනාම ලැබෙි. අනාගත බලාපොරොත්තුවකින් සිටි යමි කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදි එය බිඳී යෑමට හැකිය.

සිංහ ලග්නය

ලග්නයෙන් 6 වැන්නට ශනි පැමිණෙයි. යමි යමි අංශ වලින් යහපත උදා කරයි. වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. නමුත් යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. තම මවට වාත වෙීදනා ඇති විය හැකිය. මවි පාර්ශවයේ නෑදෑ කෙනෙකුට යමි අපල දායක තත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාර වලින් ලාභ සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා නව වාහන ලැබීමෙී ප්‍රවනතාවයක් පවතී. එසේම ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපල හා යාන වාහන ලැබීමෙි අවස්ථා ද උදා වනු ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් වන අතර විදේශ ගමන් වලටත් සබුදායක වනු ඇත. රැකීරක්ෂා කටයුතු වල යමි යමි ගැටලු කාරී තත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි  ඉතා යහපත්ය.

කන්‍ය ලග්නය

ලග්නයෙන් 5 වැන්නේ ශනි බලවත් වීම යහපත් වෙි. මෙම කාලය තුල ඔබට යමි මුදල් හා ධන ලාභ ලැබීමෙි කාලයකි. එසේම ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපල ලාභ ලැබෙන කාලයකි. අසනීප වලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සමිති සමාගමි වලට ආරාධනා ලැබෙන කාලයකි.  ඔබගේ සමාජ තත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යමි ප්‍රමානයකට ඉහල යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවෙි. ඉඩමි හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගී වීමට අවස්ථාව උදා වනු ඇත.

තුලා ලග්නය

ලග්නයෙන්  4 වැන්න  තුල ශනි මෙවර බලවත් විමෙන් ඔබගේ  යහපත් සුබදායක කාලය පැමින ඇත. ගේ දොර ඉඩකඩමි කටයුතු වලට යහපත්ය. මවි පාර්ශවයෙන් දේපල ලාභ ඇතිවන කාලයකි. ධන ලාභ ඇති වෙි. ශරීරයේ ඇති ලස්සන වැඩි වන අතර ශරීර ශක්තිය වර්ධනය වීමට කාරණා යෙදේ. මුදල් අතේ රැදෙන  වියදමි අඩුවන කාලයකි. මෙම කාලය තුල ඔබට මිල මුදල් අතින් තද බල අගහිග තා ඇති වීමට නොහැකිය. ඔබ විවාහක නමි තම පවුල තුල යමි යමි සුලු ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබද සැලකිමත් වන්න. පහසුවෙන් දත් දිරායාමකට හෝ දත් සමිභන්ධ රෝගා බාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ අසාදන ඇති වීමට හැකියාවක් පවතී. පාද වල ලප කැළැල් ඇති විය හැකිය.

වෘශ්චික ලග්නය

වසර හතහාමාරක ලග්න ඒරාශ්ඨක අපල අවසන්ව ශනි ලග්නයෙන් 3 වැන්නට පැමිණෙන මෙම වසර දෙකහාමාරක කාලය ඔබගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. නව ආදායමි මාර්ග ඇති විය හැකිය.  රෝගාබාධ මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන ප්‍රශ්න දුරු වන කාලයකි. නව ආදායමි මාර්ග හට ගැනීමේ ප්‍රවනතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබ වලින් ජය ගත හැකි අතර එය තමාට ඉතාම වාසි සහගත වනු ඇත. රැකියා ස්ථානයේ උසස් වීමි ඇතිවන කාලයකි. ඹබ විවාහක නමි තම පවුල් ජීවිතය තුල ප්‍රශ්න හා ගැටළු කාරී තත්වයන් ඇති විය නොහැකිය. සුබදායකය. විදේශ ගමන් සදහා යහපත් අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඹබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ තුලින් දරුවන්ගේ අනාගත යහපත උදා වනු ඇත. සෞඛ්‍ය හා අධ්‍යාපන තත්වය පිළිබඳව අවධානය යොමු කිරීමෙීදී යහපත් වන අතර තම සහෝදර සහෝදරියන් සමග වෙනදාට වඩා සබදතා  ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුලින් එම තත්වයන් තවත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙයි. උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මෙම කාලයේ සමාඡයේ ප්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්ථයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමෙී ප්‍රවනතාවයක් දක්නට ලැඛේ.

ධනු ලග්නය

ලග්නයෙන් 2 වැන්නේ ශනි ගමන් කරන මෙම කාලය ඔබගේ වැය පක්ෂය ඉහල යන අතර ධන හානී ඇති කරයි. අතේ මුදල් නොරැදෙන කාලයකි. මෙම කාලය තුල නීතිමය ප්‍රශ්න ඇති විය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරෝතු ඉටු වීමෙී ප්‍රමාදයක් ඇති වන අතර රැකියා වල නිරත අයගේ එම රැකියා ස්ථාන වල යමි යමි ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔලුවෙි කැක්කුමි ස්නායු ආබාධ මුත්‍රා අබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවානමි ඒම කාරණා සමිභන්ධයෙන් යමි යමි ගැටලු කාරී තත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරමි සුබ දායක නැත. ස්ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.
මකර ලග්නය
ශනි ලග්නයට පැමිණීම ඔබට සමඵල උදාකරයි. නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතු වලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුල ගැටළු ඇති වීමට කරණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහඡනයා සමග කරන කටයුතු වලදි අවුල් වියවුල් ඇති වීමට හැකි තත්වයක් පෙන්නුමි කරයි. කරගෙන යන රැකී රක්ෂා වලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රත රෝගා බාධ, වාතා රෝගා බාධා, හිරි වාත, අඡීරණ රෝග වැනි අසනිප ඇති විමට ඉඩ ඇත. විවාහ අපේකෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි.

කුම්භ ලග්නය

ශනි 12 වැන්නේ ගමන් කරය.ි  ලග්න ඒරාශ්ඨකයේ ආරමිභක අවස්ථාව වෙි. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුල කලකිරීමි ඇතිවන අතර හදිසි  වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ අතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කල යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්වය ඉහල යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත.  ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර  අංශ වලට සුභ දායක වේ. රැකියා අංශ තුල කලකිරීමි ඇතිවන අතර හදිසි වෙනස් වීම් වලට හේතු

මීන ලග්නය

ලග්නයෙන් 11 වැන්න හෙවත් අයස්ථාන ගතව ශනි බලවත් වීම ඔබට  සුබ ඵල දායකයි. අචිවාහකඅයට මංගල යෝජනා උදාචේ. නමුත් සුලු බාධා ඇතිචේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බෙහෝවිට උදාවේ. රැකියා අංශ වල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබිය හැකිය.  ඥතීන් සමග මත බේද පහව  යනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියඵ අංශ වලින්  සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොදයි.  ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා.  ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි.  මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්වයද යහපත්ය. ඔබට මෙම කාලය  සුභය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැබුරු වන කාලයකි.

 

සැ. යු.
ඉහත සඳහන් පලාපල තත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටී නැකැත් හා 22 දෙර්කාණාධිපත,ි 64 නවාංශකාධිපතිගේ තත්වයන්, හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ
“තසුනි”  සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම.