ඔබට පුරස්ථි ග්‍රන්ථියේ ආබාධයක්ද? දේශීය වෙදකමින් ස්ථිර සුවය

හුඟක් දෙනා අමාරුවේ වැටෙන්නේ රෝග ලක්‍ෂණ සැඟවීමෙන්

බොහෝ රෝග මූලිකව හඳුනා ගැනීමෙන් ඉතා සරල ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව අපේ හෙළ වෙදකමේ තියෙනවා. එහෙත් රෝග නොසලකා හැරීම හේතුවෙන් ඒවා පිළිකා වැනි බරපතළ රෝග දක්වා ව්‍යාප්ත වීමක් ඇති වෙනවා.
පිරිමි පාර්ශ්වය අතරින් දැකිය හැකි හා වර්තමානයේ බොහෝ දෙනා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගී තත්ත්වයක් ලෙස පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය පෙන්වා දෙන්න පුළුවන්. මෙම රෝගය වයස අවුරුදු 50 ට වැඩි පිරිමින්ට වැලඳෙනවා වැඩියි. වසර හත අටක් තිස්සේ වුවද ක්‍රමයෙන් විශාල වී එකින් එක රෝග අපහසුකම් ඇතිවී බටහිර වෛද්‍යක්‍රමයේදී ශල්‍යකර්මයක් මගින් පුරස්ථි ග්‍රන්ථිය ඉවත් කිරීමට සිදු වෙනවා. නමුත් මා සතු පාරම්පරිකව පැවත ආ විශේෂ ප්‍රතිකාර කිහිපයක් මගින් කිසිදු කැපවීමකින් තොරව නිට්ටාවට සුව කළ රෝගීන් ගණන අධික බව දන්වන්නේ ඉතාමත් සතුටින්.


පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමින්ගේ මුත්‍රාශය ආශ්‍රිතව (යටින්) පිහිටි අවුන්සක් පමණ බර ඇති ශුක්‍ර තරලයේ දියරමය කොටස් ශ්‍රාවය කරන කොටසයි. ග්‍රන්ථියේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ වෘෂණවල නිපදවන ටෙස්ටොස්ටෙරෝන් :ඔඑිඑදිඑැරදබැ* නැමැති
පුරුෂලිංගික හෝමෝනය මගින්. රෝගයේදී සිදුවන්නේ මෙම ග්‍රන්ථිය ඉදිමීමයි. පුරස්ථි ග්‍රන්ථියේ තිබෙන නාළය තුළින් තමයි ශුක්‍ර ධාතු හා මුත්‍ර ගලාගෙන එන්නේ. මෙම නාල අවහිරවීම නිසා ශුක්‍ර ධාතු හා මුත්‍ර ගලායාමේ අක්‍රමිකතාවන් ඇතිවෙනවා. එමෙන්ම පිරිමින්ට වැලඳෙන පිළිකාවලින් 80% ක්ම ඇතිවීමට මෙම පුරස්ථි ග්‍රන්ථියේ රෝගී තත්ත්ව බලපාන බව බටහිර වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙනවා.
මෙම රෝගී තත්ත්වයේදී ඇතිවන අපහසුතා බොහොමයක් තියෙනවා

★ නිතර නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම එනම් බොහෝ වාර ගණනක් මුත්‍රා පිට කිරීම බොහෝ විට රාත්‍රි කාලයේ මෙම අවස්ථාවට මුහුණ දෙනවා.
★ මුත්‍ර පිට කිරීමේ වේගය අඩුවීම හා කඩින් කඩ මුත්‍ර පිට කිරීමට අවශ්‍ය බව.
★ මුත්‍ර පිට කිරීමට ආරම්භ කිරීමට ඇතිවන අපහසුතා
★ මුත්‍ර පිට කළද මුත්‍ර තවත් ඉතිරිවී ඇතැයි දැනීම
★ මුත්‍ර බර දැනුන විගසම මුත්‍ර පිට කිරීමට අවශ්‍ය වීම
★ සමහර විට නොදැනීම මුත්‍ර පිටවීම
★ යටි බඩ ප්‍රදේශයේ වේදනාව හා මුත්‍ර අඩස්සිය
★ මුත්‍ර පිටවීමේදී ඇතිවන වේදනාව හා දැවිල්ල
★ මුත්‍ර සමග රුධිරය පිටවීම
★ ශිෂ්ණය ප්‍රාණවත් වීමේ අපහසුතාව
★ ශුක්‍රාණු පිටවීමේදී වේදනාවක් හට ගැනීම

මෙම ලක්‍ෂණ එකක්, දෙකක් හෝ කීපයක් රෝගී අවස්ථාවේ තිබිය හැකිය. කුමන අවස්ථාවක වුවද පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමත් සමග රෝග ලක්‍ෂණ පහල වීමට පුළුවන්.
ඉහත සඳහන් ලක්‍ෂණවලට අමතරව මුත්‍රවල වර්ණය රතු පැහැති නම් හෝ මුත්‍ර පිට කිරීමේදී රුධිරය පිටවීමත් සමග දැවිල්ලක් ඇත්නම් ඉතාම සැලකිලිමත් විය යුතුයි. මෙවැනි අවස්ථාවලදී පිළිකා තත්ත්වයක් ඇති විය හැක්කේ වකුගඩුවල මුත්‍රාශයේ හෝ පුරස්ථි ග්‍රන්ථයේ විය හැකියි. මෙයට අමතරව කැදලි සමග හෝ සෙවලමය ද්‍රව්‍යයක් පිටවීම මුත්‍රාවල පෙණ ගතිය මුත්‍ර දුර්ගන්ධයද ඇති වීමට පුළුවනි. මෙවැනි ලක්‍ෂණයක් තිබේ නම් ඉතාමත් ඉක්මන් ප්‍රතිකාර ගැනීම සුදුසුය.
මෙම රෝගී තත්ත්වය ඇතිවීමට විවිධ හේතු බලපානව. විශේෂයෙන් කිව යුතුයි. අප වෛද්‍ය කර්මයටද අදාළ නොදැරිය යුතු වේග 13 ක් තියෙනවා. ඉන් ප්‍රධානව බඩගිනි වේගය (ක්‍ෂුධාවේගය), පිපාසා වේගය, වාත වේගය, මල වේගය, මුත්‍ර වේගය, කාස වේගය, ආදි වශයෙන්ද ඒ අතරින් එකක් වන්නේ ශුක්‍ර වේගයයි. රෝගයට අදාළ වන ශුක්‍ර වේගය ගැන කතා කළොත්, ශුක්‍ර වේගය ආ විට එය පහකළ යුතුයි. පහ නොකර දරා ගෙන සිටීමෙන් අප කතා කරන රෝගී තත්ත්වය ඇති විය හැකියි. අනෙකුත් හේතු වශයෙන් මූලිකව වයස් ගතවීම, මස් මාංශ බහුලව ගැනීම, උෂ්ණ අධික ආහාර නිතර ගැනීම, හෝමෝන ක්‍රියාකාරිත්වය ලිංගික ශක්ති ප්‍රමාණය වැඩි පිරිමින්ටත් මේ තත්ත්වය ඇති වෙනවා.
කුමන තත්ත්වයකදී රෝගය ඇති වුවත් මෙම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධවලින් විශේෂ තැවීමක් හා කසාය ලබා දෙනවා. මෙම ඖෂධ ප්‍රතිකාර සියල්ලම මා විසින්ම හදලා රෝගියාට දෙනවා. රෝගය අනිවාර්යයෙන්ම නිට්ටාවටම සුව කිරීමට හැකියි. පිළිකා තත්ත්වයට පැමිණියත් අපි සම්පූර්ණ සුවය ලබා දෙනවා. රෝගයේ තත්ත්වය අනුව තමයි සුවවීමේ කාලය තීරණය වන්නේ රෝගී ලක්‍ෂණ දැනුන විගස ප්‍රතිකාර ලබා ගතහොත් ඉතා ටික දිනකින් සුවය ලබා ගත හැකියි.

5වෛද්‍යාචාරිනී
අයිරාංගනී උක්වත්ත
උක්වත්තගේ රාවණා වෙද මැදුර
මහරගම පාර මාම්පෙ, පිළියන්දල.

 

071 893 8760/077 976 3828