හෙළ ඔසු බලෙන් සන්ධි ඉදිමීම හෙවත් ආතරයිටීස් සුව කළ නොහැකිද?

what-is-arthritisසන්ධි ඉදිමීමේ රෝගය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ ආතරයිටිස් යනුවෙනි. සිංහල නමට වඩා අද කවුරුත් හුරුපුරුදුව ඉන්නේ ආතරයිටිස් යන ඉංග්‍රීසි නම භාවිතා කිරීමටයි. මහජනයා අතර බහුලව පාවිච්චි වන්නේ ද ආතරයිටිස් යන ඉංග්‍රීසි නාමය යි.
සන්ධි ප්‍රදාහ හෝ සන්ධි වාත යනුවෙන් හඳුන්වන මෙම රෝගය නිට්ටාවට සුවකර ගැනීම පිණිස හෙළ ඖෂධවලින් නොහැකි ද යන්න අද බොහෝ දෙනකුට පවතින ප්‍රශ්නයකි. සන්ධි වාත යන ගැඹුරු අර්ථයන් දන්වයි. එනම් වාත කෝපය හෙවත් දූෂිත වාතය සන්ධිස්ථාන කෙරෙහි බලපෑමෙන් හටගන්නා වූ වේදනාවයි.

මෙම රෝගය වැළඳුන අයට එම රෝගය නිට්ටාවට සුවකර ගැනීම සඳහා රෝගය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. බඩගිනි අඩුකමින් නිතර පෙළෙන්නාවූ ද අලසකමින් නිතර කල් ගෙවන්නාවූ ද ආහාර ගැනීමත් සමඟ බෙහෙවින් කායිකව වෙහෙසෙන්නා වූ අපට ආහාර හරියාකාරව නොදිර යෑම නිසා හටගන්නා වූ ආමය හෙවත් ආම්ලික රුධිර ආශ්‍රිත විවිධ රක්ත ගෝත්‍රය තුළින් ව්‍යාප්ත වී යන්නේ වාත වේගයේ බලපෑමෙනි.
මෙසේ පැතිර යන්නා වූ අවම විෂය සන්ධිගත පටක කෙරෙහි බලපෑමෙන් කිසියම් ආසාදන තත්ත්වයක් හටගනී. මෙයින් සන්ධිගත වේදනාව හා ඉදිමුම ඇතිවේ. සන්ධිගත හටගන්නා වූ ඉදිමුම හා වේදනාවට අතිරේකව ශාරීරික වශයෙන් වෙනත් රෝග ලක්ෂණ පහළ කරයි.
සිරුරේ දුබල බව පපුවේ බරගතිය වෙහෙස මහන්සිය ආහාර අරුචිය, පිපාසය අලස ගතිය ආදී ලක්ෂණ පහළ කරයි.
පළමුව පාදයේ විලුඹ ආශ්‍රිතව කුඩා අස්ථි ආශ්‍රිත කොටස වේදනා ගෙන දෙයි. ඉදිමුවද හටගනී. රාත්‍රී නින්දෙන් පසු උදේ අවදි වන විට වේදනාව සහ පාද සන්ධි තද ගතියක් ඇති කරයි. දිවා කාලයේදීත් නිශ්චලව බොහෝ වේලාවක් සිට නැඟිට ගමන් කරන්නට සූදානම් වන විට වේදනාව හා තද ගතිය ප්‍රබලව හටගනී. ශීත කාලයේදී මෙම තත්ත්වය වඩාත් ප්‍රබලව හටගනී.
සංකීර්ණ හා දීර්ඝ කාලීන රෝගය වන සන්ධි ප්‍රදාහ රෝගය රෝගාරම්භය අනුව ප්‍රධාන ප්‍රභේද දෙකක් ලෙස හඳුන්වාදිය හැක. එකක් ඇටවාර්තාව සන්ධි ප්‍රදාහ වන අතර අනෙක වාත රක්ත සන්ධි ප්‍රදාහය දණහිස සන්ධි, උරහිස් සන්ධි ආදී ලොකු සන්ධි ආශ්‍රිතව හටගනී. වාත රක්ත සන්ධි ප්‍රදාහ රෝගය අත් පෙත්වල ශරීරය ආදී ස්ථානවල පිහිටි කුඩා අස්ථි සන්ධි ආශ්‍රිතව හටගනී.
ආම වාත සන්ධි ප්‍රදාහය කල්යාමේදී සියලු සන්ධි කෙරෙහි බලපෑමෙන් හෘද රෝග වැනි අන්තරාකාරී උපද්‍රවයන් පවා හටගැනීමට පුළුවන.
වාත, පිත්ත, කප යන ත්‍රිදෝෂයන්ම ප්‍රකෝප වීම නිසා සර්වාංග සන්ධි රෝගය විසාදිය සිදුවිය හැක. වාතයත් රක්තයත් යන ධාතූන් දෙකම දූෂණය වීම නිසා වාත රක්ත සන්ධි දක්වා ව්‍යාප්ත වීමෙන් ශරීරය පුරාම චූලාත්මක වේදනාව හටගනී.
මෙවැනි රෝගීන් අහිතකර ආහාර භාවිතයෙන් හා ඇමතුම් නැවතුම්වලින් බෙහෙවින් ආරක්ෂාවී ක්‍රමවත් ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුවකර ගැනීම අපහසු නොවේ.
දීර්ඝ කාලීන වූද, නිධන්ගත වූ ද බෙහෙවින් සංකීර්ණ වූ ද මෙම රෝගය කඩිනමින් සුවකර ගත හැකි රෝගයක් ද නොවේ. මාස කිහිපයක් විධිමත් ප්‍රතිකාර කර ගතහොත් රෝය නිට්ටාවට සුවකර ගත හැකිය.
මගේ ඥාති සොයුරියක්වූ ජීවන්ති යන අයට වයස අවුරුදු 16 දී දරුණු උණ රෝගයක් වැළඳුනා. රාගම තේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇයට වැළඳුන මේ උණ රෝගය සුවකර ගැනීම සඳහා ඉංග්‍රීසි, සිංහල බෙහෙත් වර්ග වසර කිහිපයක් තිස්සේ සිදු කිරීමෙන් පසු ස්නායු බැලන්ස් නොවීමේ රෝගයන් හට ගත්තා. මේ සඳහා ද ඉංග්‍රීසි, සිංහල වෛද්‍යවරුන්ගෙන් නොයෙක් බේත් හේත් කලත් සුවදායක තත්ත්වයක් ලැබුණේ නැහැ.
දැනට වසරකට පමණ පෙර මේ රෝගය සඳහා බෙහෙත් කරන වෛද්‍යවරයකු පිළිබඳ තොරතුරු මගේ මිතුරියකගෙන් දැනගන්න ලැබුණා. පිලපිටිය චන්ද්‍ර වෙද මැදුර නමින් හඳුන්වන ඒ වෛද්‍යවරයා හඳුන්වන්නේ එස්. එම්. චන්‍ද්‍රපාල යනුවෙනි.
මගේ ඥාතිවරියත් සමඟ ඒ වෛද්‍යවරයා සොයාගෙන ගිය අපට රෝගියාට ප්‍රතිකාර කිරීම පිණිස දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට ලැබුණා. ඒ අනුව නියමිත දිනයේ වෛද්‍යවරයා හමුවීමෙන් පසු මගේ ඥාති සොයුරියට වැලදී ඇත්තේ ස්නායු බැලන්ස් නොවීමේ රෝගයක් බවත් මෙම රෝගයත් ආතරයිටිස් රෝගයට අයත් වන එකක් බවත් පවසා ප්‍රතිකාර කිරීම ආරම්භ කළා.
දැනට 32 හැවිරිදි වියේ පසුවන මගේ ඥාති සොයුරියට එම බෙහෙත්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. සියලුම බෙහෙත් ගැල්වීම් හා ප්‍රතිකාර කරනු ලබන්නේ වෛද්‍යවරයා අතින්මයි. අපිට සිදු කිරීමට ඉතිරි වන්නේ නියමිත බෙහෙත් දිනපතා පාවිච්චිය සඳහා නියමිත වේලාවට දීම පමණයි.
නියමිත දිනට ඖෂධාගාරයට රෝගියා ගෙන යෑමෙන් පසු බෙහෙත් තෙල් ශරීරයේ ගල්වා පැය 2 ක් පමණ බෙහෙත් පොට්ටනිවලින් තැවීම වෛද්‍යවරයා අතින්ම සිදුවෙනවා. අපි කළ යුත්තේ බොන බේත් හා පෙති වර්ග නියමිත වෙලාවට රෝගියාට දීම පමණයි. රෝගියා දැනට ප්‍රතිකාර ලබමින් සුවයෙන් පසුවනවා. ඇයට දැන් රෝගය හටගන්නේ මාස කීපයකට වරක් පමණයි. ඒ අවස්ථාවලදී රෝගියා ගෙන ගොස් පෙන්නීමෙන් පසු යළි ප්‍රතිකාර කරනවා.

තමරා කොටුගොඩ – ජා-ඇල
 කඩවත කරුණාදාස ජයකොඩි ආරච්චි