අටවිසි මහ ධන යෝග

01. ලග්නාධිපති 2.4,5,7,9 10.11 භාගවල තැන්පත්ව එම තැන්පත් භාවධිපතින් ලග්නයේ සිටීම (යෝග සංඛ්‍යාව 7 කි)
02. දෙවැන්නාධිපති දෙවැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 6 කි)
03. හතරවන භාවාධිපති 5,7,9,1,0,1, 1 භාවයක එම තැන්පත් භාවාධිපති 5 වැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 5)
04. පස්වන භාවපති 7.9.10.11 භාවයක තැන්පත්ව එම තැන්පත් භාවාධිපති 5 වැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 4 කි)
05. හත්වන භාවපති 9.10.11 භාවයක තැන්පත්ව එම භාවපති හත්වැන්නේ සිටීම (යෝග සංඛ්‍යාව 2 කි)
06. නවවන භාවාධිපති 10.11 භාවයක තැන්පත්ව එම තැන්පත් භාවපති 9 යේ තැන්පත් වීම(යෝග සංඛ්‍යාව 2)
07. නවය භාවපති දහයේ දහය භාවපති නවයේ තැන්පත් වීම යෝග සංඛාව එකකි.
රවි සිංහ රාශියේ සිටීම උපේන්ද්‍රා යෝගයයි. මහත් අභිමානයෙන් කාටවත් යටත් නොවී සිටියි මේ අය එඩිතරයි.
ගුරු ග්‍රහයා මීන රාශියේ සිටීමෙන් භූමි පාල යෝග යෙදේ. උසස් නිලතලවලට හිමිකම් ඇත්තේය බුද්ධිමත්කම නිසා එම තත්ත්වයට යයි රජ සැප හා සමානව සැප විඳී.
සඳු කටකයේ කුලිර යෝගයයි ඉතා අධික ලෙස රාජ්‍ය සම්මත ලැබේ දැසි දැස්සන් ගවයන් මුතු මැනික් සමග මනා හික්මීමෙන් කටයුතු කරන පුද්ගලයකු වන්නේය.
රනහංස යෝගය ගුරු ධනු වේ සිටීමෙන් යෙදේ. ඉතා යහපත් ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියයි.
පියුමාකාර යෝගය (සිකුරු තුලාවේ) දීමනා අවබෝධයකින් හා ඉතා ධනවත් අයට පිහිටයි.
මනා භාග්‍ය යෝගය – රාත්‍රි කාලයේ ස්ත්‍රී උපතක් සිදුවී චන්ද්‍රයා සිටින රාශිය සහ රවි සිටින රාශිය ස්ත්‍රී රාශීන් වූයේ නම් මහා භාග්‍ය යෝගය උදා කෙරේ. දහවල් කාලයේ පිරිමි උපතක් වී සඳු හා රවි සන්නේ රාශිවල සිටීමෙන්ද මෙම යෝගයයි.
විමලා යෝගය – දොළොස් වැන්නාධිපති දොළොස්වැන්නේ සිටීම මෙම යෝගය යෙදේ.
හර්ෂ යෝගය – හය වැන්නාධිපති හය වැන්නේ ඉඳීමෙන් යෙදේ.
සරලා යෝගය – අට වැන්නාධිපති අටවැන්නේ යෙදේ. බුද්ධි මහිමය සතුරු විනාශය එඩිතරභාවය.
තිලෝචනා යෝගය – සඳු කටක රාශි ගනව සිටියදී මේ සඳු කුජ ඔවුනොවුන්ගේ ත්‍රිකෝණ ගත වීම නිසා ත්‍රිලොචන යෝග්‍ය යෙදේ.
රවි ගුරු යෝගය – ලග්නය 9.1.0.11 යන මෙයින් එක් රාශියක රවි සහ ගුරු දෙදෙනා එක්ව සිටි කල යෙදෙනුයේ රවි ගුරු යෝගයයි. එවැනි යෝගයක් ලැබූ තැනැත්තා ඉතා කීර්තිමත් පුද්ගලයෙකි. එමෙන්ම අඥාදායකත්වයේ බලයෙන් යුක්තය.
සති සදා යෝගය – ලග්නයෙන් 5.610.11 වන කුමන රාශියක සඳු ශනි එකතු වී සිටීමෙන් මෙම යෝගය යෙදේ. ඉතා උසස් පවුලක ඉපදීම වාසනාව ලැබීම හොඳ තත්ත්වයක් ඇතුව රජකමට පවා පත් වීමට හැකි යාව තිබේ.
රවි බුධ යෝගය – ලග්නයේ 4 හෝ 8 වැනි රාශියක රවි බුධ එකතු වීමෙන් මෙම යෝගය නිසා ඉතා ධනවත් පුද්ගලයන් වෙයි. එමෙන්ම මෙම පුද්ගලයන් රජවරුන්ට සමාන තත්වයක් ඉසිලීමට හැකි අය වෙයි.
කුජ ශනි යෝගය – ලග්නය 2.4.9.10 යන මෙයින් ඕනම යෙදේ. මෙම යෝගය ලබන නිසා පුද්ගලයා ඥානවන්ත නෑදැයන් සමූහයා පිරිවරා ගෙන ඉතා සතුටින් ජීවිතය ගෙන යන්නෝය.
ගුරු සඳු යෝගය – නිචරාශි හැර අනෙක් රාශිවල යෙදේ. ධනවත් විනිත ගති පැවතුම්වලින් යුක්තය.
රවි ශනි යෝගය – 2-6.9 යන රාශිවල යෙදේ. කීර්තිමත් ඉතා සැපවත් මෙන්ම සාර්ථක ජීවිත ගත කරනු ලබයි.
බුධ චන්ද්‍ර යෝගය – ලග්නය 3.6.8.12 යන රාශිවල දී යෙදේ. කලාවේ දක්ෂයෝය. විශේෂයෙන්ම කාව්‍ය කරනයේ දක්ෂයෝය. ධනවතුන්ද මේ අනික් රාශිවල සිටී නම් සුබ නැත.
බුධ සිකුරු යෝගය – සියලු කලාවන්ට දක්ෂයන් මෙම යෝගයෙන් බිහිවෙයි.
රවි මේෂයේ මයුරපාල යෝගයයි. – ගවයන් ධන ධාන්‍ය හා කෙත්වතු ලබා සැප විදී
ජය යෝගය – සෙනසුරා කුම්භ රාශියේ රාජ්‍ය තනතුරු ලැබීම ශරීර ශක්තිය ලැබීම මහා මන්දිර පවා හිමිවේ. වර්ගයාට නායකයෙකුද වේ.
ශ්‍රී කාන්තා යෝගය – සෙනසුරු මකර රාශියේ සේනා සම්පත් ශරීර ශක්තිය හා බලය ලැබේ.
ශ්‍රී නාථ යෝගය – 9.10 අධිපතියන් පුන්න්‍යථානය ගත වීමෙන් සහ අධිපති උච්චව වීමෙන් යන දෙකම එකවර යෙදීම නිසා ඇතිවේ. ශ්‍රක්‍රයාට සමාන සම්පත් ලබයි.
සෞඛ්‍යග්‍යය යෝගය – ගුරු උච්චව සිකුරු සමග දහ වැන්නේදී සෞබාන්හය යෝගය යෙදේ.
ජය සිදු යෝගය – ගුරු කටකයේ ජය සිදු යෝගයයි.
ගුරු හංස යෝගය – උච්ච ගුරු කේන්ද්‍රස්ථාන ගත වීමෙන් මෙම යෝගය යෙදෙහි.
සඳු රවිට කේන්ද්‍රගත වීමෙන් විශේෂ චන්ද්‍ර යෝගය වේ.
සතර රාජ යෝග යෙදෙන හැටි – ලග්නාධිපති ලග්නයේ සහ කර්මස්ථානාධිපති කර්ම ස්ථානයේ සිටීමෙන් දෙදෙනා ස්ථාන මාරු කරගෙන සිටීමෙන් යෝගව ලග්නයේ හෝ දහයේ සිටීමෙන් යෙදේ.
දිප්ති යෝගය – රාහු කේතු දෙදෙනාගෙන් පිටස්තරව එක් ග්‍රහයෙකු සිටීමෙන් යෙදෙහි.
චාරම යෝගය – උච්චවු ලග්නාධිපති කේන්ද්‍ර ස්ථානගතව කල්හි ගුරු විසින් දකී ද චාමර යෝගයයි. අනික ශුභ ග්‍රහයෝ දෙදෙනෙක් ලග්නයේ හතේ හෝ දහයේ සිටීමෙන් මෙම යෝගය යෙදේ.

කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර
දේශකීර්ති දේශ ශක්ති
ජෝතිෂ්‍ය විද්‍යා විෂාරද
ආර්.එම්. කරුණාරත්න
0778433319/0719803146