ප්‍රදේශ 6ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම ප්‍රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සඳහා ඉදිරි පැය 24 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රදේශය සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්‍රදේශ සඳහා ද ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ රිදීගම ප්‍රදේශ සඳහා ද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අද පස්වරු 3 සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නායයෑමේ අනතුරු ඇඟවීම පහතින්.