ග්ලූකෝමා රෝගීන්ට වැදගත් උපදෙස් කිහිපයක්

ප්‍රශ්නය – ලේසර් කිරණ මඟින් ප්‍රතිකාර කර ග්ලූකෝමා රෝගය සුවපත් කළ හැකිද?
වෛද්‍යබන්දු ලන්දෙගෙදර – අප පාරම්පරික වෛද්‍යවරුන්. ඉතා විශ්වාස සහ අප දන්නා පරිදි නොවරදින දේශීය ප්‍රතිකාර ක්‍රම අප සතුව තිබෙනවා. ඒ හැරෙන්නට වෙනත් වෛද්‍යක්‍රම නිර්දේශ කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අප කරන්නෙ නැහැ. අප දන්නා හොඳම වෛi ක්‍රමය තමයි කෙම් ක්‍රමය. එය ඇඟට කිසිදු ආකාරයක හානියක් නොකරන බව අපට සහතික කර කියන්නට පුළුවන්.

ප්‍රශ්නය – වර්ණ අන්ධතාව පිළිබඳවත් ඔබ දරන මතය මෙයමද?

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර – ඔව්. ඒ රෝගය සඳහාත් නොවරදින දේශීය ප්‍රතිකාර අප සතුව තිබෙනවා. කෙනෙක් වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට අවතීර්ණ වෙනවා නම් එය විවේචනය කිරීමට අප සුදානම් නැහැ.

ප්‍රශ්නය – ග්ලූකෝමාව විස්තර කරන සරල සිංහල අර්ථකථනය කුමක්ද?
වෛද්‍ය බන්දු ලන්දෙගෙදර – ඇස තුළ එක්රැස්වන දියර මඟින් හටගන්නා පීඩනය නිසා ග්ලූකෝමාව හටගන්නවා.

ප්‍රශ්නය – කෙනෙක් වියපත් වන විට ක්‍රමයෙන් ග්ලූකෝමාව හැදෙන බවත් එය ඉතාම රහසේ සිදුවන ක්‍රියාවලියක් නිසා ඉතාම නරක තත්ත්වයට ඇස පත්වන තුරු එය හෙළිවන්නේ නැති බවත් ඔබ කලින් කිව්වා. ඒ අනුව කෙනෙක් වියපත් වනවිට ඇස් ගැන විමසිලිමත් විය යුතුයි නේද?

වෛද්‍ය බන්දු ලන්දෙගෙදර – කෙනෙක් අවුරුදු 40 එළැඹීමට පෙර අවුරුදු හතරකට වතාවකුත්, අවුරුදු 40 සිට 54 දක්වා වාර්ෂිකව හෝ වසර තුනකට වරක් හෝ අවුරුදු 55 – 64 දක්වා කාලයේදී අවුරුදු 1 – 2 වරක් හෝ අවුරුදු 65 ට පසු මාස පහකට වරක් හෝ 12 කට වරක් ඇස පරීක්‍ෂා කරගත යුතුයි.