අගෝස්තු මස 04 වන දවසේ ලග්න පලාපල – අද දින රාහු කාලය 10:35 සිට 12:05 දක්වා

අද ක්‍රි. ව.2023 ක්‌ වූ අගෝස්තු මස 04 වන සිකුරාදා දිනයයි.

අද දින සූර්‍ය උදාව පෙ. ව.6:05ට සූර්‍ය අස්තය ප. ව. 6:29ට

ශ්‍රී බු. ව. 2565 ක්‌ වූ අධි නිකිණි අව තියවක තිථිය අ. භා.12:45 දක්වාත් ඉන්පසු පසුදින පු.භා.9:40 දක්වා අව තියවක තිථිය පවති.

ශෝභන යෝගය පූ.භා.6:12 දක්වා ද ඉන්පසු අතිඝන්ධ යෝගය පසු දින දක්වා පවතී.

විෂ්ටි කරණය අ.භා.10:03දක්වා ද ඉන්පසු කෞලව කරණය අ. භා.11:08 දක්වා ක්‍රියාත්මක වේ.

අද දිනය තුල රවි කටක රාශියේ අංශක 17කලා 13 විකලා 47 ක්‌ පවතීන කිවි දිනයයි. ( පෙ. ව. 6:00 න් ආරම්භ වේ.)

අද දින චන්ද්‍රයා කුම්භ රාශියේ ගෝචරය වන බැවින් රහුට හිමි සියාවස නැකත පු. භා.07:07 දක්වා ද ඉන්පසු පසු දින දක්වා ගුරුට හිමි පුවපුටුප නැකත දිනය තුල ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද දිනය පුරා පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස යන නැකත් වලින් උපන් අයට සීහුම් වේ.

විවාහ මංගල කටයුතු, ඒ සඳහා ගමන් බිමන්, නෑදෑ හිතවත් අය වෙනුවෙන් වෙහෙස වීම්, තරඟ විභාග , මුදල් ගණුදෙනු සහ මුල්‍ය ආයෝජන සඳහා අද දිනය සුභදායක වේ.

අද දින රාහු කාලය 10:35 සිට 12:05 දක්වා රාහු කාලය වේ. මෙය දිවා රාත්‍රී දෙකටම පොදුවේ.

ශුභ දිශාව දකුණු දිශාව

පෙ. ව.6:04 ට ගමන් සදහා පිටත් වීම, ශුභ කටයුතු ආරම්භ කිරීම සඳහා සුබ වේ.
පෙ. ව. 09:33 ට මංගල නැකත බාර දීම, වෙනත් තනතුරු බාර ගැනීම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට, විවාහ කටයුතු සඳහා ඉහත නැකත් සීහුම් වන අයට වඩාත් ශුභයි.

මෙතැන් සිට ලග්නයෙන් ලග්නයට අද දවස විසදෙන්නේ කොහොමද බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් අයගේ ලග්නාධිපති කුජ සහ නැකත් අදිපති ගුරු මිතුරු ගතියෙන් ගෝචර වන අද දවස ඔබ‍ට අලුත් වැඩකටයුතු වලට සුබ දිනයකි. මුල්‍ය ආයෝජන වැඩිකර ගත හැක. ව්‍යාපාර දියුණු කර ගැනීමට අවස්ථාව හිමිවේ. වාසනාවන්ත දිනයකි.

ජය අංක 6,8
ශුභ වර්ණ රතු වර්ණය

වෘෂභ ලග්නය

ලග්නාධිපති සිකුරු සමඟ නැකත ගුරු සමඟ සම ගත බැවින් වන අද දිනය තුල රක්ෂණ සේවා කටයුතු වලින් වාසි සැලසේ. නව ආයෝජන තුලින් වැඩි ප්‍රතිලාබයක් හිමි කර ගත හැක. නොසිතු වාසනාව හිමි වේ. විවාහ කටයුතු සඳහා සුභදායක දිනයකි.

ජය අංක 3,9
ජය වර්ණය කහ වර්ණය

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නදිපතිය බුධ සහ නැකත් අදිපති ගුරු සම ගත බැවින් සලසුම්කල පරිධි කටයුතු දිදු කල හැකිවේ. තරඟ විබහග සඳහා සුබ වේ. දුර බැහැර ගමන් යෙදේ. අන් අය වෙනුවෙන් කාලය කැප කිරීමට සිදුවේ.

ජය අංක 2,8
ජය වර්ණ කොළ වර්ණය

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ අද සිකුරාදා දිනය තුල ලග්නාදිපති සඳු ගෝචර වන්නේ ගුරුට හිමි නැකතක බැවින් සිතුවිලි අලංකාර අයුරින් ගොඩ නංවා නව නිර්මාණය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. සිත, කය, වචනය සංවර කර දැවැන්ත ගමනක් යාමට හැකියාව ඇත. මුල්‍ය ආයෝජන තුලින් වත්කම් ගොඩනගා ගත හැක.

ජය අංක 1:3
ජය වර්ණ සුදු වර්ණය

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාදිපති රවි සමඟ නැකත අදිපති ගුරු සමඟ මිතුරු ගත වන බැවින් දුර බැහැර ගමන් බිමන් වලින් වාසි සැලසේ. දරු සම්පත් වාසනාව හිමිවේ. දේපල යාන වාහන වලට හිමිකම් ඇති දිනයකි.

ජය අංක 4,9
ජය වර්ණ රතු වර්ණය

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාදිපති බුධ සහ නැකත අදිපති ගුරු සම ගත බැවින් නව ආයෝජන අවස්ථාව වලින් පාඩු සිදුවීමට හේතු යෙදේ. දුරදිග බලා කටයුතු සිදු කල යුතුය. ප්‍රසිද්දියේ නින්දා විදීමට සිදුවේ.

ජය අංක 1,4
ජය වර්ණ කොළ වර්ණය

තුලා ලග්නය

ලග්නදිපති සිකුරු නැකත අදිපති ගුරු සමඟ සම ගත බැවින් අද දිනය තුල ඔබ‍ට වෙහෙස මහන්සියෙන් වැඩකටයුතු වල යෙදිය යුතු වේ. විවිධ ගමන් බිමන් යෙදේ. විවාහ මංගල කටයුතු සඳහා ශුභාවේ. මංගල කරුණු සාකච්චා කිරීමට ද ශුභයි.

ජය අංක 1,2
ජය වර්ණ කහ වර්ණය

වෘච්චික ලග්නය

වෘච්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ සමඟ නැකත අදිපති ගුරු මිතුරු ගත බැවින් අද දවසේ මුල්‍ය ආයෝජන සාර්ථක වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගත හැක. ගැටළු නිරාකරණය කර ගත හැක. දුර බැහැර අයගෙන් වාසි සැලසේ. ශුභ පණිවිඩ අසන්න ලැබේ.

ජය අංක 5,8
ජය වර්ණය දම් වර්ණය

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු නැකත අදිපති ගුරු වන බැවින් අධ්‍යාපන කටයුතු දියුණු වේ. තරඟ කාරී කටයුතු වලින් ජයග්‍රහණය අත් වේ. හොඳ විස්වාසයකින් කටයුතු කලයුතු දිනයකි. මුදල් වාසි ඇතිවේ. භූමි ලාබ හිමිවේ.

ජය අංක 2,4
ජය වර්ණය කහ වර්ණය

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සහ නැකත අදිපති ගුරු සම ගත බැවින් බැහැර ගමන් වලදී ප්‍රවේසම් වන්න. විදේශ ගමන් වලට ශුභයි . විදේශ ආයෝජන තුලින් ලාබ ලැබීම ශුභ දිනයකි. මිතුරු ඇසුරේදී ප්‍රවේසම් වන්න. නොකළ වැරදි වලට හසු වේ.

ජය අංක 3,7
ජය වර්ණ නිල් වර්ණය

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නදිපති ශනි සමඟ නැකත් අදිපති ගුරු සම ගත වන බැවින් අද දවසේ විඩාබර ගතියෙන් මිදී තම කටයුතු සිදුකල හැකිය. මුල්‍ය ආයෝජනය වාසි සහගත වේ. ගෘහ ආශ්‍රිත හදිසි අනතුරු වලට හේතු වියහැක. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

ජය අංක 2,3
ජය වරණ ලා නිල් වර්ණය

මින  ලග්නය

මිණ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු සහ නැකත අදිපති ගුරු වීම නිසා අද දවස ඔබ‍ට නිසි කළමනාකරණයෙන් කටයුතු කිරීමෙන් වාසි අත් වේ. දුර බැහැර අයගෙන් වාසි සැලසේ. විදේශ ගමන් විදේශ ආයෝජන වලට ශුභ දිනයකි. ස්ථිර තැන්පත් ධනයක් ගොඩ නගාගත හැක.

ජය අංක 4,7
ජය වර්ණ කහ වර්ණය

 

Astrolankasri ජ්‍යෝතිර් විද්‍යා පර්යේෂණ පාසලේ විදුහල්පති
ජ්‍යෝතිර් විද්‍යා, ගුප්තවිද්‍යා,වාස්තුවිද්‍යා,හස්තරේකා පාඨමාලා උපදේශක ආචාර්ය

ඉනෝකා චතුරානි හපුආරච්චි

T. P. 072 850 88 24 / 034 433 02 00
W/A 078 391 46 77 / 077 106 68 10