ඔක්තෝම්බර් මාසය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නය පලාපල

වෂී 2023 ඔක්තෝම්බර් මාසය ඔබට කොහොමද?

මෙම ඔක්තෝම්බර් මාසයේ පළමු දින සිට ඔක්තෝම්බර් මාසයේ 31 දින දක්වා ඔබගේ කේන්ද්‍රය තුල ග්‍රහයින්ගේ යෙදීම හා සදු ග්‍රහයාගේ ග්‍රහ ගමන් තත්වය ගැන බලා ගෙනෙන විශේෂිත ලග්න පලාපල විස්තරය.

මේෂ ලග්නය

හිතට වෙහෙස දැනෙන කලබලකාරි බව ඇති වෙයි.

මෙම මාසයේ තරමක් මිශ්‍ර පල උදාවේ. හිතට කලබල බව ඉක්මන් තීරණ ගැනීම මගින් පාඩුවීම සිදුවෙයි. නමුත් ඉවසීමෙන් කටයුතු කරන්නට වරෙක සිතෙයි. එසේකර යහපත උදාකර ගැතහැකි වෙයි.කතාවේ බලය ඉස්මතුවේ. ඉගෙන ගන්නා අයට විභාග වලට බාදා වෙන කාලය වෙයි. නමුත් හවුලේ කරන කටයුතු වලට බාදා වීම් ඇති වෙයි. ධන බලය ලැබීම් වලට තරමක් බාදා ඇත. නමුත් උත්සහය මගින් යහපත උදාකරගනියි. රෝග ලෙස ඔළුවේ කැක්කුම බඩේ උෂ්ණ රෝග මතුවෙයි.
රවි දැනට කේතු දශාව ගත කරන අයට අගුණ වෙයි. බ්‍රහස්පතිගේ හා සදුගේ දිශාව හා බුදගේ දිශා ඇති අයට යම් සහනයක් උදාවෙයි.
ශුභ අංකය – 4,5 ශුභ දිනය – බ්‍රහස්පතින්දා,බදාදා
අපල දෝෂ සදහා ඊශ්වර දෙවිට සුදු නෙලුම් මල් 7 පුජා කරන්න අන්ධ අයට කෑම දෙන්න. කතරගම දෙවිට තල තෙල් පහන් 7 දල්වා පිංදි සෙත ලබාගන්න.

 

වෘෂභ ලග්නය

ගෙදර කටයුතු සාර්ථක වී හිතට සතුට ලැබේ.

මාසයේ මුල සිටම තමා මවටත් මව තමාටත් ඉතාම ලැදි බවක් අති වෙයි. දෙදෙනාම දෙදෙනාට කලයුතු යුතුකම් ගැන සිතයි. ගෙදර ලස්සන කර ගැනිමට බලයි. අලුතින් භාන්ඩ මිලට ගන්න හා එම දේවල් ප්‍රවේශම්ව තබා ගැනිමටත් බලයි. ඉගෙන ගන්න අයට ඉතාම ශුභයි. විභාග ජය ලැබෙන බව පෙනේ. බුද්ධිය වර්ධනයට ශුභයි. අලුතින් ඉගෙන ගන්නා දේටත් ශුභයි. නව සිතුවිලි වලට පන ලැබෙයි. විනෝද චාරිකා යන්නට උනන්දුව ඇතිවෙයි. විදේශගතවීම් වලටත් ශුභයි. වෙළදාම් කරන ව්‍යාපාර කරන අයට ශුභයි. රෝග ලෙස ඔළුවේ බර ගතිය හා සෙම් බව මතු වෙයි. සදුගේ දිශාව ඇති අයට සෙම් බව අධිකවෙයි. කේතු හා අඟහරු දිශා ගතකරන අයට ආමාශගත රෝග මතුවෙයි. බුදගේ දිශාව සිකුරුගේ දිශාව ඇති අයට ශුභයි.
ශුභ අංකය – 5 ශුභ දිනය – සිකුරාදා,බදාදා
පවතින අපල දෝෂ සමනය වීමට :-
කෙසෙල් ගෙඩි දානයක් ලෙස දෙන්න. කතරගම දෙවිට රතුමල් මාලාව දමන්න.

 

මිතුන ලග්නය

ඉගෙන ගන්නා අයට උසස් ප්‍රතිඵල අත්වේ.

මෙම මාසයේ මුල සිටම ඉගෙන ගන්නා අයට ඉගෙන ගන්න උනන්දු වන අයට විභාග වලට ඉන්න අයට ශුභවේ. විදේශගත වීම්ද ඇත. දරුවන්ට තරමක් පීඩා කරදර මතුවෙයි. පියවරුන්ටත් තරමක් අගුණයි. ධන බලය ලැබිම් වලට ශුභයි. දුර ගමන් බිමන් යෙදේ. මවටද තරමක් අගුණ මතුවෙයි. ප්‍රේම සම්භන්ධ වලට ශුභයි. අලුත් පෙම් සබදකම් ඇති වෙයි. රවිගේ දශාව සිකුරුගේ දශාව අගහරුගේ දශාව ඇති අයට තරමක් බාදා මතුවෙයි. බුදගේ හා සිකුරුගේ දශා ඇති අයට ශුභයි. අලුතින් වාහන ගන්න හිතන අයට තම අදහස් ඉටුවෙයි.
රෝග ලෙස දෙපාවල රිදිම් මතුවෙයි. බඩේ උෂ්ණබව මතුවෙයි. පපුවේ හිරවීම් ඇති වීමට බලයි.
ශුභ අංකය : 9 ශුභ දිනය : බදාදා – සදුදා

රවී දශාව සහ සදු දශාව ගත කරන අයට මාසයේ මුල සිටම අගුණවීම් ඇත. බුද හා සිකුරු දශා ගතකරන අයට ශුභයි.
පවතින අපල දෝෂ සඳහා :
බෝධි පූජාව උදේට තබා කිරිබත් පාත්‍රා 3 ක් බෝධියට පුජා කරන්න. බෝධිමළුව අතුගෑම කර මල් ආසන පවිත්‍ර කිරිම ශුභයි.

 

කටක ලග්නය

යම් සහන කාලයක් උදාවෙයි.

මාසයේ මුල සිටම හිතට යම් සහනයක් දැනුනනම් කලින් නයවී ඇති බව සිතට නැගෙනු ඇත. ඒවායින් නිදහස් වීමට තරමක් යහපත් වන බව පෙනේ. රන් භාණ්ඩ උකස් කරන්නට සිදුවීම් ඇති වෙන අතර ඒවා නිදහස් කර ගන්නටත් තරමක් යහපත් කාලයක් බවපෙනේ. රවිගේ දශාව හා සෙනසුරුගේ දශාව ඇති අයට ඉතා අගුණ වෙයි. බ්‍රහස්පති හා සදුගේ දිශා ඇති අයට යම් සහනයක් උදාවෙයි. නය වීමට සිදුවෙන අතර හිත අවුල්වෙයි.
ශුභ අංකය : 9 ශුභ දිනය : බ්‍රහස්පතින්දා
පවතින අපල දෝශ සමනය වීමට :-
විෂ්ණු දෙවිට එළගිතෙල් පහන් 3 දල්වා නිල් මල් වට්ටි 7 පුජා කරලා පීං දෙන්න සෙනසුරාදා දිනවල උදේ 6 ට කපුටන්ට දානයක් ලෙස කිරිබත් ගුලි දෙන්න.

සිංහ ලග්නය

විදේශ ගමන් ඉටුවීමට කාලය උදාවෙයි.

මෙම මාසයේ මුල සිටම තරමක් යහපත්වේ. වෙළදාම් කරන අයට ශුභයි. වැඩි වශයෙන් වතුර සම්භන්දව වෙළදාම් වල නිරත අයට වඩාත් ශුභයි. ඉගෙන ගන්න අයට තාක්ෂණික ඉංජිනේරු අංශ වලට ඉතා ශුභයි. මවට ශුභයි. පියාට ශුභයි. නමුත් සහෝදර සහෝදරියන්ට අගුණයි.තමාට දුර ගමන් වන්දනා ගමන් යෙදිම හා ප්‍රබල විදේශ ගමන් වලටත් කරුණු උදාවෙයි.
රෝග ලෙස ඇස්වල අමාරු උගුරේ අමාරු මතු වීමට ඇත. සදු දශාව බුද දශාව ඇති අයට තරමක් ශුභයි. රවි දිශා ඇති අයට තරමක් බාදා මතු වෙයි.
ශුභ අංකය – 5 ශුභ දිනය – සිකුරාදා

පවතින අපල දෝෂ සදහා – ඊෂ්වර දෙවිට සුදු නෙළුම් මල් 7 ක් පුජා කරන්න. කතරගම දෙවිට තලතෙල් පහන් 7 ක් දල්වා පිං දී සෙත ලබා ගන්න.

කන්‍යා ලග්නය

ප්‍රේම සම්බන්දතා මංගල කටයුතු සදහා ස්ථිරවේ.

මාසයේ මුල සිටම සිතට සතුට මතුවේ. කලින් තිබුන දුක අවහිරතා අඩුවෙයි. ඉගෙන ගන්නා අයට ඉතා ශුභයි. අලුත් නව අදහස් පහළවෙයි. විභාග වලට පෙනි ඉන්නා

අයට ජය අත්වෙයි. මනුෂ්‍යකම අනුව තමාට හොද මිතුරන් හමුවෙයි. ප්‍රබල විදේශ ගමන්යෙදේ. විදේශවල පදිංචි අයටත් ශුභයි. දුර ගමන් වන්දනා ගමන් යාමට සිත් පහළ වෙයි. ධන බලය ලැබිමටද ශුභයි. අලුතින් යමක් ආරම්භ කරන්නත් ශුභයි. පොත් පත් වලවැඩ කරන අයට ශුභයි. කේතු දශාව අගහරුගේ දශාව රාහු දශාව ඇති අයට කරදර බදා ඇතිවෙයි. ලේ සෙලවීම් හා අනතුරු පවා ඇති වීමට බලයි. බුදගේ මහා දශාව හා සිකුරුගේ දශාව ගත කරන අයට ශුභයි.
රෝග ලෙස – මුත්‍රා වල ආසාදන හා ඔළුවේ කැක්කුම මතුවෙයි. ඔළුවේ බර බවක් දැනේ.
පවතින අපල දෝෂ සදහා – : සුනියන් දෙවිට පිච්ච මල් පුජා කරන්න. සෙත ඉල්ලන්න. කතරගම දෙවිට පත්තිනි දේවියට පිං දී සෙත ලබාගන්න
ශුභ අංකය – 9 ශුභ දිනය – සිකුරාදා

තුලා ලග්නය

සිතට සහන අඩුවෙයි. වියදම් වැඩිවේ.

මාසයේ මුල සිට බාදා කරදර ටික ටික මතුවෙයි. මාසයේ මැද සිට ඔළුව අවුල් බව මතුවෙයි. නමුත් ඉගෙන ගන්නා අයට ශූභයි. විභාගයෙන් ජය අත්වෙයි. වතුරින් අගුණයි. ගැඹුරු දියේ බැස නෑම හොඳ නැත. මාරක අගුණ මතු වෙයි. වහා කේන්තියාම හා නුරුස්සන බවක් එයි. නමුත් හිතහොඳ කමනිසා කව්රුත් උදව් කරයි. සිතට යම් සැනසීමක් අස්වැසිල්ලක් ලැබේ. රෝග ලෙස ඔළුවේ කැක්කුම ඔළුවේ තෝන්තු බව මතුවෙයි. බඩේ රෝග හා තුනටියේ රිදීම් පවා ඒමට ඇත. රවි හා අඟහරු දශා ගත කරන අයට අගුණයි. සෙනසුරුගේ හා සිකුරුගේ දශාව බුදගේ දශාව ගතකරන අයට යම් සහනයක් උදාවෙයි.
පවතින අපල දෝශ සඳහා – ඊවර දෙවිට සුදු නෙලුම්මල් 7 පූජා කරලා තලතෙල් පහන් දල්වා සෙත සලසාගන්න. අසරණ අයට කෑම දෙන්න. යහපත උදාවෙයි.
ශුභ අංකය : 5 ශුභ දිනය : සිකුරාදා

වෘශ්චික ලග්නය

මංගලයෝග ඇතිවෙයි. විදේශ ගමන් ස්ථිර වේ. බොහෝ ශූභ පල අත්වන බවක් ඇති වෙයි.

මාසයේ මුලට යම් බාදා මතු වුවත් ටික ටික ශූභ වීමට කරුණු උදාවෙයි. විභාග වලට ඉන්නා අයට ජය අත්වෙයි. ඉගෙනීම් කටයුතු සාර්තක වෙයි. විදේශ ගමන් වලටත් ශූභයි. විදේශවල පදිංචි අයටත් ශූභයි. නව පෙම් බැදුම් ඇතිවෙයි. ප්‍රේම සම්බන්ධ ස්ථිර වෙයි. රහසිගත පෙම් සම්බන්ධතාවන්ද ඇති වෙන අතර එයින් මඟහැර ඉන්න බලන්න. පසුව එය තමාට කරදරයක් වීමට ඇත. ධන බලය ලැබීමට ශූභයි. වෙළඳාම් කරන අයට ශූභයි. රෝග ලෙස බඩේ රෝග ආමාශගත රෝග මතු වෙයි. පපුවේ රෝගද ඒමට ඇත. කේතු හා රාහු දශා ගත කරන අයට ඉතාම අගූණයි. බ්‍රහස්පති සහ සිකුරු දශා ගත කරන අයට ශූභයි.
ශුභ අංකය : 4 – 7 ශුභ දිනය : බ්‍රහස්පතින්දා හා සිකුරාදා
පවතින අපල දෝෂ සඳහා :
බෝධියට පිච්ච මල් පූජා කරලා සුනියන් දෙවිට පිං දෙන්න. කතරගම දෙවිට රතු නොළුම්මල් 7 පූජා කරලා පිං දී සෙත ලබා ගන්න.

ධනු ලග්නය

නව රැකියා අවස්ථා වෙයි.

මාසයේ මුල සිටම ඉගෙන ගන්නා අයට ශූභයි. ගණිත හා විද්‍යා අංශවල ඉගෙන ගැනීම් කරන අයට වඩාම ශූභයි. මව්ට ශූභයි. පියාට තරමක් බාදා මතු වෙයි. අළුත් ප්‍රේම සම්බන්ධතා ඇතිවෙයි. නව රැකියා මාර්ග උදා වෙයි. පිං දහම් වල යෙදෙන්නන්ට කාලය වැඩිපුර වැය කරයි. වන්දනා ගමන් වලට විනෝද චාරිකා යෑමට අවස්ථාව උදාවෙයි. මැහුම් අංශයේ රැකියා කරන අයටත් ශූභයි. රවි හා කේතු දශා ගතකරන අයට තරමක් බාදා මතු වේ. බ්‍රහස්පති හා බුද දශා ගත කරන අයට ශූභයි. රෝග ලෙස පිටේ අමාරු, බඩේ ආමාශගත රෝග මතුවීමට ඇත.
පවතින අපල දෝෂ සඳහා :-ඊශ්වර දෙවිදුට සුදු නෙළුම් මල් 7 පූජා කර පිං දෙන්න. කතරගම දෙවිදුට පිං දෙන්න.
ශුභ අංකය : 9 – 10 ශුභ දිනය : බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

මකර ලග්නය

ලැබීමට වඩා වියදම් අධිකවෙයි.

මේ මාසයේ මුල වියදම් තරමක් අධිකවෙයි. ගෙදර දියුණුවට කටයුතු කරන්න සිතේ. වාහන මිලදී ගන්න අදහස් කරන අයට සිත සතුට ඇතිවන ලෙස කටයුතු සපල වෙයි.
වෙළදාම් වලට ශූභ උවත් වියදම් පක්ෂය ඉහළ යයි. ණය වීමට තරම් කරුණු උදාවෙයි. දුර ගමන් යෙදේ. වන්දනා ගමන් විනෝද චාරිකා යාමට කරුණු උදාවෙයි.
පියාට තරමක් අගුණ ගෙන දෙයි. මව්ට සම තත්වය උදාවේ. ඉගෙන ගන්නා අයට මධ්‍යස්ථයි. වියදම් තත්වය පාලනය කර ගන්න බලන්න.
රෝග ලෙස :- ඇස්වල හා උගුරේ රිදීම් ඒමට ඇත. මුත්‍රාවල හා තුනටියේ අමාරු මතු වීමට ඇත.
සඳු හා බුද දශා ඇති අයට යම් සහනයක් අත් වෙයි. රාහු හා සදු දශා ඇති අයට අගුණයි.
ශුභ අංකය : 5 ශුභ දිනය : බදාදා
පවතින අපල දෝෂ සඳහා :- විශ්ණු කතරගම දෙවිට පත්තිනි මෑනියන්ට මල් පහන් පූජා කර පිං දෙන්න. ශූභයි.

 

කුම්භ ලග්නය

හිතවතුන්ට නැදෑයින්ට වැඩිපුර උදව් කිරීමට සිදුවෙයි

මෙම මාසයේ මුල සිටම නිතරම අන් අය වෙනුවෙන් කැපවී වැඩ කරන්නට අවස්ථාව උදාවෙයි. අනුන්ගේ දුකට පිහිට වීමට හිතේ. නමුත් මුදල් නැත. නිතරම අර ප්‍රවේශම් ස්වභාවය පවත්වයි. ඉගෙනීමට යහපත් වේ. නිතරම ගමන් යන්නට කරුණු උදාවෙයි. ගෙදර දියුණුවට කරන්නට වැඩ කටයුතු රාශියක් තමාට වෙනදාට වඩා සිතේ. ඒවා ටික ටික හෝ කරන්නට බලයි. ශරීරය තරමක් දුරට පිරිහීමට බලයි. අගහරු මහා දශාව හා බුද දශා ඇති අයට තුනටියේ රිදීම් හා මුත්‍රාවල දෝෂ ඒමට ඇත. සඳුගේ දශා ඇති අයට ශූභයි. මුදල් නාස්ති වීමක්ද ඇත. ප්‍රවේශම්ව කටයුතු කළ යුතුයි.
පවතින අපල දෝෂ සඳහා : විෂ්ණු දෙවිට නිල් මානෙල් මල් 7 පුජා කරලා පිං දෙන්න. සුමන සමන් දෙවිට සුදු නොළුම් මල් 7 ක් පූජා කරලා සෙත ඉල්ලන්න.
ශුභ අංකය : 4 – 5 ශුභ දිනය : බ්‍රහස්පතින්දා

 

මීණ ලග්නය

කතාවේ බලය ඉස්මතු වී යහපත් දේ වෙයි.

කතාවේ බලය ශූභව යොදා ගන්න සිතේ. ධන බලයක් ලබා දෙයි. සහෝදර සහෝදරියන් වෙනුවෙන් අනාගත ශූභ සිද්ධියට ඕන දේ කරන්නට සිතේ. මව් ගැනද බලයි. නමුත් හවුලේ කරන දේට බාදා මතු වෙයි. අනියම් පෙම් බැදීමක් ඇති වීමට බලයි. ඉතාම ප්‍රාවේශම් වන්න. තමාට පසුව එය නරක් වනු ඇත.
ඉගෙනීමේ කටයුතුවල නිරත වන අයට ශූභයි. උගන්වන අයටත් නව අදහස් පහල වෙයි. කලාකාමී සිතුවිලි ඇති වෙයි. තරමක් වෙනදාට වඩා සතුටින් ඉන්නට බලයි. රෝග ලෙස බඩේ අමාශගත රෝග හා ඇස්වල අමාරු ඒමට ඇත. රාහු හා කේතු දශාව හා රවි දශා ඇති අයට අගුණයි. ගුරු මහා දශාව ඇති අයට ශූභයි.
පවතින අපල සඳහා :- පවතින අපල දෝෂ සඳහා සුනියන් දෙවිට පිච්ච මල් පූජා කර පිං දෙන්න. කතරගම දෙවිට රතු නෙලුම් මල් 7 ක් පූජා කර සෙත ලබා ගන්න.
ශුභ අංකය : 3 ශුභ දිනය : බ්‍රහස්පතින්දා

 

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
ජ්‍යෙතිෂ විද්‍යාකීර්ති
නිහාල් හේවා බටගොඩගේ
පානදුර.
077-4181943
වට්සැප් : 075 8687311