ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් රන් අකුරින් ලියයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර ගියහ.

එම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමද විශේෂත්වයකි. එ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (17) සමත්වුණි.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 301කි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 195ක් වාර්තා කිරීමට සමත්වුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්වුණි.

ඒ අතර ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරගයක ක්‍රීඩිකාවක් රැස්කළ තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේද එම ලකුණු සංඛ්‍යාවයි.